තුවාල ත්‍රීවිල් එකටලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-13-ent-35වෙනත් රැකියාවක් කළත් විනෝදාංශයක් හැටියට රංගනයේ යෙදෙන මේ නළුවාට ත්‍රීවිලරයකුත් තියෙනවා.

දවසක් හදිසියේ ගමනක් ගිහින් එන අතරතුර එයාගෙ ත්‍රීවිලරයට මනුස්සයෙක් හැප්පිලා. ඒ හැඩිදැඩි මනුස්සයා ගාලු පාරෙ කහ ඉරක් නැති තැනකින් පාර පැනලා තියෙන්නෙ. කොහොම හරි අපේ පාට් ටයිම් නළුවා දන්න වැඩ ටික සේරම දාලා ත්‍රීවිලරය බ්‍රේක් ගහලා නැවැත්තුවා. මිනිහගෙ කකුලට වැදිලා ත්‍රීවිලරේ එක පැත්තක් ඩැමේජ් වෙලා. ඒත් අර මිනිහට ගාණක්වත් නැහැ. එයා හිනාවෙලා යන්න ගියාලු.

දැන් මේ මනුස්සයා ඩැමේජ් වුණු ත්‍රීවිලරේ අරන් වැල්ලවත්ත පොලීසියට ගියාලු පැමිණිල්ලක් දාන්න රක්ෂණ ක්ලේම් ගන්න. පොලීසියට කතාව කියපු ගමන් කිව්වලු අයිසෙ මේක කරන්න ඉස්සෙල්ලා අර තුවාලකාරයාව ඉස්පිරිතාලෙකට ගෙනියනවා කියලා. මෙයා කිව්වලු තුවාල වුණේ එයාගෙ ත්‍රීවිලරේ මිසක් අර මනුස්සයා නෙවෙයි කියලා.

 

DESHAYA