'දැන් එන්ඩ' කියපු කාලෙ ගියා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-05-ent-60පහුගිය දවසක ප්‍රවීණ කලා ශිල්පියකු වෛද්‍ය පරීක්ෂණ වගයක් කරන්න පෞද්ගලික රෝහලකට ගියාලු. එහෙම ගියාම ඉතින් අපට තියෙන ආදරේ වැඩිකමට නානාවිධ පරීක්ෂණවලට ලක් කරනවනෙ. ඉතින් මේ ශිල්පියාටත් අලුත්ම වර්ගයේ පරීක්ෂණයක් කරන්න සිද්ධ වුණාලු.

වෙනම කාමරේකලු ඒක සිදුකරන්නෙ. කාමරේ සියලුම දේවල් ලෑස්ති කළාට පස්සෙ තමයි එළියෙ වාඩිවෙලා ඉන්න ලෙඩාට ඇතුළට එන්න කියන්නෙ.

කිසිදේකට බයවෙන්න එපා. මේක හරිම සරල පරීක්ෂණයක්, හැබැයි ගැජට් ගොඩක් තියෙනවා. දැන් කාමරේ ඇතුළෙ පරීක්ෂණයට සියල්ල සූදානම්ලු.

“දැන් එන්ඩ,” වෛද්‍යවරයා අර ශිල්පියාට කතා කළාලු.

“දැන් එන්ඩ” කියපු ගමන් මට එකපාරටම මතක් වුණේ ඒ කාලෙ අපේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරු රූපගත කරන්නට යන දර්ශනය සඳහා සියල්ල සූදානම් කරලා නළු නිළියන්ට කතා කරන විදිහ.”

“දැනුත් එහෙමද?” වෛද්‍යවරයා ඇහුවලු.

දැන් ඉතින් හැමදේම කනපිට හැරිලනෙ. දැන් දර්ශන තලයෙ සූදානම් වුණාට පස්සෙ ‘එන්න’ කිව්වට නළු නිළියො එතෙන්ට එන්නෙ නැහැ. ඒගොල්ලො ඒ පැත්ත පළාතකවත් හොයාගන්න නැහැ. කොහේ හරි මුල්ලකට වෙලා ෆෝන් එක කනේ ගහගෙන මල් කඩනවා. නැත්නම් කොට කොට ඉන්නවා. ‘දැන් එන්ඩ’ කිව්වට ඇහෙන්නෙ නෑ. ‘මෙහෙ වරෙන් යකෝ’ කියලයි ඉස්සරහට කියන්න වෙන්නෙ.

ඒ කතාබහ අතරතුර වෛද්‍යවරයා පරීක්ෂණයත් ඉවර කළාලු.

 

DESHAYA