දුවන චිත්‍රපට මැද්දට පනින ජෝකර්ලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-14-ent-169පසුගිය දවසක එක්තරා චිත්‍රපට ශාලාවක් විවෘත කිරීමේ උත්සවයක් තිබුණලු.එදාට ඒ ශාලාවේ පෙන්නන්න තිබුණෙ දැනට සාර්ථකව තිරගතවන චිත්‍රපටයක්. විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙන්න තිබුණෙ දේශපාලනයට වගේම කලාවට සම්බන්ධ ශිල්පියෙක්.

ඔන්න උත්සවයදා උදෙන්ම අර පොර අදාළ අයට කතා කරලා කිව්වලු වෙන නළුවෝ ඉන්න චිත්‍රප දුවන හෝල් විවෘත කරන්න මට එන්න බැහැ මගේ දැන් දුවන ෆිල්ම් එක උදේ 10 ෂෝ එකටවත් පෙන්නනවනම් තමයි මම එන්නේ කියලා කිව්වලු.ඔන්න කට්ටිය උදේම ඇවිත් අර පෙන්නන ෂෝ එකේ කටවුට් ටික හංඟලා අර නළුවා ඉන්න චිත්‍රපටයේ කටවුට් හෝල් එකේ පේන තැන්වල තිබ්බලු.

එක ෂෝ එකක් බැගෑපත් වෙලා ඉල්ලගෙ මෙයා කරන්නේ මිනිස්සු බලන්න ආවත් නැතත් තව ෂෝ දෙක තුනක් වැඩිපුර දාගන්නවා. මේවා ඉතින් කියන්න කෙනෙක් නැහැනේ. කියලා චිත්‍රපටයේ කළමනාකාරීත්වය කියනවා.අපේ සිනමාව ඉතින් ඒ  තරමටම අසරණ වෙලා කියලයි ක්ෂේත්‍රයේ අය කියන්නේ.  

 

DESHAYA