දෙවෙනි එකට තියාගමු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1995අපේ සින්දු ලියන යාළුවෙකුට එයාගෙ හොඳම යාළුවෙක් කොන්ත්‍රාත්තුවක් බාර දුන්නලු එයාගෙ වෙඩිං එකේ තේමා ගීතය ලියන්න.අපේ සින්දු ලියන යාළුවා ඉතින් ඇඟට එන හැම ඇණයක්ම බදාගෙන බාරගන්නවා. ඒත් පස්සෙ බිසි වෙලා වැඩේ අමතක වෙනවා. කොහොම හරි යාළුවා අර සින්දුව ලියලා ඉවර කරලා තියෙන්නෙ මාස කීපයක් ගියාට පස්සේ. ලියපු සින්දුව දැන් යාළුවට දෙන්න කෝල් එකක් දුන්නලු.මොනවද බං, අපි දැන් බැඳලා මාස දෙකක් වෙනවා හෙටට. උඹට සිංදුව ලියන්න අමතක වුණා. මට උඹට වෙඩින් එකට ආරාධනා කරන්නත් අමතක වුණා... යාලුවා කියාගෙන ගියාලු.

දැන් ඉතිං මොනව කරන්නද? උඹට මම සින්දුව වට්ස්අප් කරන්නම්. නම විතරක් වෙනස් කරලා උඹේ දෙවෙනි වැඩේට පාවිච්චි කරපං සින්දු ලියන යාළුවා කිව්වලු.

 

  ► Text - Mithra

 

DESHAYA