නර්ස් නෝනලට ලෙඩක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-26-ent-36ළඟදී දවසක අලුත් චිත්‍රපටයක කොටස් කීපයක් රූපගත කෙරුණෙ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක.

එදා රූපගත කළේ චිත්‍රපට කතාවට අදාළ රෝහල් දර්ශන කීපයක්.

ලෙඩවුණු නළුවා හා නිළිය වගේම වෛද්‍යවරයාගෙ චරිතය හා හෙද චරිත රඟපාන නවක ශිල්පීන් කීපදෙනෙක්ද දවස පුරාම ඒ රෝහලේ කාර්යබහුල වුණා.

මේ නර්ස් නෝනලා දෙන්නා විවේකී වෙලාවක රෝහලේ වෙනත් මහලකට ගිහින් තියෙනවා වෙනත් වුවමනාවකට.

ඒ යන අතරතුර විදුලි සෝපානය තුළ ඒ දෙන්නට මැදි වයසේ යුවලක් මුණගැහිලා මේ දෙන්නගෙන් රෝහල් කාමර ගැන විස්තර, දොස්තරවරුන් ගැන විස්තර අහනවලු දිගට හරහට. මේ නර්ස් නෝනලා දෙන්නට තරු පෙනිලා. ඒත් රඟපාන්න ආපු බවක් කියලත් නැහැ. බැරිම තැන ඒ යුවල කිව්වලු කිසිම දෙයක් නොදන්න මේ සේවිකාවන් දෙන්නා ගැන රෝහල් බලධාරීන්ට පැමිණිලි කරනවා කියලා.

 

DESHAYA