නළුවාගේ නරි වාදන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-06-ent-253පසුගියදා සිදුවූ දේශපාලන විපර්යාසයන් සමඟ සිනමාව, කලාව හා සංස්කෘතිය බාරව අලුත් ඇමැතිවරයකුත් පත් වුණා. ඒ ඇමැතිවරයා ළඟින් ඇසුරු කරන සිනමාවට සම්බන්ධ කලා ශිල්පීන් කිහිප දෙනකුට මේ අලුත් වෙනසත් එක්ක අලුත් ජවයක් ලැබුණලු. ඒ අවසරයෙන් චිත්‍රපට සංස්ථාවේ ඇතැම් නිලධාරීන්ට පවා මේ අය තර්ජනත් කරනවලු.මේ තර්ජන ඉවසන්නට බැරි තැන සංස්ථා සේවකයො මේ කරුණු මාධ්‍යයට හෙළි කළා.

ඔන්න දැන් ඊයෙ පෙරේදා දවසක අලුත් ඇමැතිතුමාට ඕන වුණාලු දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් අපේ සිනමාවට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වකරුවන් එක්ක සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡාවට දිනයක් වේලාවක් වෙන්කර ගත්තා. සිනමාවට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වකරුවන්, සිනමා අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු, ප්‍රදර්ශකයන්, සිනමාශාලා හිමියන්, නළු නිළියන් මේ සඳහා ඇරයුම් ලැබුවා.  

විෂය බාර ඇමැතිතුමා බලාපොරොත්තුවෙන් මේ පාර්ශ්වකරුවන් සියලු දෙනාම කල් ඇතිව චිත්‍රපට සංස්ථාවට පැමිණියා.ඒත් එක්වරම එතැනට පැමිණියේ අර ඇමැතිතුමාට හිතවත් සිනමා ශිල්පියා.ලැබෙන්නෙ නැහැ. මගේ ප්‍රධානත්වයෙන් තමයි අද මේ සාකච්ඡාව පවත්වන්නේ.. ඔහු ගාම්භීර ලීලාවෙන් කිව්වලු.

සාකච්ඡාවට ඇවිත් හිටිය කට්ටිය අතරින් වැඩි දෙනෙක් සද්ද නැතිව එතැනින් පිටවෙලා ගියාලු.

 

DESHAYA