නෑ මම නිකම් ආවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-28-ent-266වෙනදාටනම් එකවර ටෙලිනාට්‍ය දෙක තුනක වැඩ කරන මේ තරුණ නළුවා, දැන් වැඩ කරන්නෙ එකම එක ටෙලිනාට්‍යයක විතරලු. ඒ වෙනුවෙන් ඔහු තුළ තියෙන්නෙ පුදුමාකාර කැපවීමක් කියලයි ඔහුගෙ සගයො කියන්නෙ.ඔහුත් එක්ක මේකෙ වැඩ කරන තරුණ නිළිය කෙරෙහි මෙයාට තියෙන්නෙත් එසේ මෙසේ ළෙන්ගතුකමක් නෙවෙයිලු. 

ඔන්න දැන් මෙයාට ෂූටිං නැති දවස්වලත් අර කෙල්ලට ෂූටිංනම් මෙයා ලොකේෂන් පැත්තට ඇවිත් කට්ටිය එක්ක ඔහේ කයිය ගහගෙන ඉන්නවලු. අධ්‍යක්ෂකවරයා දවසක් හැමෝම ඉස්සරහ ඇහුවලු මොකද කොල්ලා ෂූටිං නැති දවස්වලත් මේ පැත්තෙ කැරකෙන්නෙ, වෙනදාටනම් ෂූටිං ඉවරවුණු ගමන් දුවන එකා.කොල්ලගෙ මූණ රතු වුණාලු.

නැහැ මම නිකම් ආවෙ..ඕක අහගෙන හිටිය සෙට් එක හිනාව තද කරගත්තලු.

 

DESHAYA