ප්‍රවිණයාගේ මඟුලට හරි බර බරේලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-07-ent-27මේකත් ඊයේ පෙරේදා අපේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ගෙ විවාහය ගැන කතාවක්. ඔය රංගන ශිල්පියාගෙ විවාහය නිසා සමාජ ජාලවල මාර පෝස්ට් ටිකක් ගියා. එයා ගැන විතරක් නෙවෙයි, අහක ඉන්න අයවත් ඕවට සම්බන්ධ කරලා තිබුණා. “දැන් ඊළඟට ඔහොම කරන්නෙ කවුද? අරයාද මෙයාද?” වගේ පෝස්ට් අපි දැක්කා. අර නළුවගෙ දුරකතනයටත් කට්ටිය මේ වගේ පෝස්ට් දානවලු. කෝල් කරනවලු. බණිනවලු. බැරිම තැන ඔහු කාගෙවත් කෝල්වලට උත්තර දෙන්න ගියෙ නැහැල්ලු. ඒත් එක නොම්මරේකින් මිස් කෝල් 10ක් විතර තිබුණලු. ඒකෙන් එස්.එම්.එස්. එකකුත් ඇවිත් “මම ප්‍රින්සිපල්” කියලා.

මිනිහා බයටම ඒ නොම්මරේට කෝල් එකක් දුන්නලු.

“හා දැන් තමුසෙ රිවස් ගියර් එකට දාලා යන නිසා ඉක්මණට ළමා කාලෙටත් යයි. ඊළඟ අවුරැද්දෙ පළමු වසරට ඇතුළත් වෙන්න ඕනනම් අද හෙටම ඇප්ලිකේෂන් ෆෝම් එකක් දාන්න.”

මේකත් එයාගෙ යාළුවෙකුගෙ ලණුවක් කියලා තේරිලා තියෙන්නෙ පස්සෙලු.

 

DESHAYA