ප්‍රවීණත්වය මනින මිම්ම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190322gossip2-1එක්තරා චිත්‍රපට රූපගත කිරීමකට සහභාගි වුණු නළුවෙක් කලා පත්තරේකුත් අරගෙන ආවලු.

විවේකී වෙලාවක පත්තරේ කියවමින් හිටිය ඒ රංගන ශිල්පියා, ළඟ හිටිය තවත් වයෝවෘද්ධ නළුවෙකුගෙන් ප්‍රශ්නයක් ඇහුවලු.

දැන් ඉතින් ටික කාලයක් කලා ක්ෂේත්‍රයේ නිරතවෙලා ඉන්න කෙනෙක් ගැන පත්තරේ ලියනකොට එයාට ප්‍රවීණ කියලා කෑල්ලක් දානවා. මටත් දානවා ඔයාටත් දානවා. ඒත් ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයට පත් නොවුණු අයටත් ප්‍රවීණයි කියනවනෙ.
ඔව් ඉතින් ඕක වයසත් එක්ක එන සුදුසුකමක් කියලයි මම හිතන්නෙ. අනෙක් ජ්‍යෙෂ්ඨ ශිල්පියා කිව්වලු.

වයසට ගියාට ප්‍රවීණ වෙන්නෙ නැහැනෙ. එයා ක්ෂේත්‍රයට ලබාදී තිබෙන දායකත්වය අනුවයි ප්‍රවීණත්වය මනින්නෙ. අපේ මාධ්‍යවල කරන ලොකු වරදක් මේක. හැබැයි මේවා කතා කරන්න ගියොත් අපට කුහක ලේබල් එක වදිනවා. ප්‍රවීණත්වය නොලැබූ අයට ප්‍රවීණයි කීම ක්ෂේත්‍රය පිරිහීමේ එක සංඥාවක්.

DESHAYA