පැපොල නෙවෙයි වෙන එකක්ලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-862එක්තරා ශිල්පිනියක් පසුගිය දවසක හදිසි අසනීපයක් නිසා රූගතකිරීම්වලට ආවෙ නැහැ. බැලින්නම් එයයි එයාගේ පවුලේ හැමෝටමයි පෞද්ගලික රෝහලකට ගිහින් පැපොල රෝගයට එරෙහි එන්නත් ලබාගන්න.ඇයි මේ හදිසියෙන්ම පවුල් පිටින් ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එක ගහගත්තේ? දුරකථනයෙන් එයාගේ යාළුවෙක් කතා කරලා ඇහුවලු.

අනේ අපේ අල්ලපු ගෙදර කට්ටිය දවස් කීපයක් පේන්න හිටියේ නෑ. ඊයේ තමයි මම දැක්කෙ පොඩි එවුන්ගේ අම්මව. පව් අනේ චිකන් පොක්ස් හැදිලා. අපටත් පොඩි අය ඉන්නවනේ. ලෙඩවලට නම් බය නෑ. ඒත් ඉතින් අද කාලෙ හැටියට එහෙම නොවී බෑනේ.

ඔන්න පහුවදාම අර යාළුවට කෝල් එකක් එනවලු අර ශිල්පිනියගෙන්. අපරාදේ අනේ අපේ සල්ලි. අර අපේ අල්ලපු ගෙදර අම්මණ්ඩිට චිකන් පොක්ස් නෙවෙයිලු අනේ. දාඩිය බුබුළු. මේ දවස්වල උදේ රෑ කියලා නැහැනේ මාර රස්නයක් තියෙන්නේ.

 

DESHAYA