පුටුව දුන්නට කෙල්ලට බැණුම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-16-ent-05පහුගිය දවසක එක්තරා අලුත් චිත්‍රපටයක රූපගත කිරීමක් තිබුණෙ කොළඹ ජනාකීර්ණ පෙදෙසක. එහි සිටි නළු නිළියන්ට හරියට වාඩිවෙන්නවත් ළඟ පාතක හරිහැටි ඉඩක් තිබුණෙ නැහැ.

ළඟ පාතක තිබුණු කඩේක පුටු දෙක තුනක තමයි කට්ටිය වාඩිවෙලා හිටියෙ. වැඩි දෙනෙක් හිටියෙ හිටගෙන. වාඩිවෙලා හිටියෙනම් නවකයො.

එක්තරා ප්‍රවීණ ශිල්පියෙක් දැක්ක ගමන් වාඩිවෙලා හිටිය එක් ශිල්පිනියක් පුටුවෙන් නැඟිටලා ඒ අසුන ප්‍රවීණ ශිල්පියාට පිරිනැමුවා. ඒ සිද්ධිය දැක්ක තවත් නවක ශිල්පිනියක් මේ අසුන පිරිනමපු කෙල්ලව පැත්තකට කතා කරගෙන ගිහින් හොඳ ලෙක්චර් එකක් දුන්නලු.

“අනේ අක්කේ, ඒ වුණාට එයා ප්‍රවීණයෙක්නෙ. මම කොහොමද එයා ඉස්සරහ වාඩිවෙලා ඉන්නෙ. ඒ අය රඟපාන්න එනකොට අපි ඉපදිලාවත් නැහැනෙ..”

“අනේ මේ උඹේ ඒ පැහිච්චකම්වලින් වැඩක් නැහැ. තමුසෙ කරන වැඩවලින් අපටයි පාඩුවෙන්නෙ. මම නම් ජාතික ගීය වාදනය වෙනකොටත් වටපිට බලලා තමයි හිටගන්නෙ. නැත්තම් ඒ පුටුවත් නැතිවෙයි.”

 

DESHAYA