බබා ඉස්කෝලෙ දාලා පේලි 2ක් කියනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1993

අද අපි තාක්ෂණේ අතින් ඉහළම තැනක ඉන්නවා තමයි. ඒත් ඒ එක්කම අපේ සමහර සහජ දක්ෂතා වගේම ගුණාංග රැසක් යටපත් වෙලා තියෙනවා. විශේෂයෙන් නිර්මාණශීලී පුද්ගලයින්ට මේකෙන් ලොකු බලපෑමක් ඇතිවෙලා තියෙනවා.දැන් අපි සින්දු කියන ගායක ගායිකාවෝ දිහා බලමුකො. ඒ කාලෙ සිංදුවක් නිර්මාණය කරන්න, පටිගත කරන කොයිතරම් නම් කාලයක් ශ්‍රමයක් වැය කරනවද? දැන් එහෙම නෑ. යුග ගීතයක් පටිගත කරනව නම් ගායිකාව, ගායකයා දකින්නෙවත් නැහැ. සංගීත ශිල්පීන් දකින්නෙ නැහැ. ඒ අය කැමැති කැමැති වෙලාවට ස්ටූඩියෝ එකට ඇවිත් ඒ ගොල්ලන්ගෙ කොටස් රෙකෝඩ් කරලා යනවා.

ඔන්න ඔය වගේ ගායන ශිල්පියෙක් කොළඹ ප්‍රසිද්ධ පාසැලක් අසල කෙනෙකුට මුණ ගැසුණලු. ශිල්පියා ඇවිත් ඉන්නෙ එයාගෙ පොඩි පුතාව ඉස්කෝලෙට බස්සන්න. ළමයව බස්සලා අර යාළුවත් එක්ක ශිල්පියා කතාවට සෙට් වුණාලු.අද මට මාර බිසි දවසක්. මේ දවස්වල මම කරන අලුත්ම සින්දුවෙ පේලි දෙකක් දැන් ගිහින් රෙකෝඩ් කරන්න ඕනෙ. ඊට පස්සෙ නෝනට මාකටිං ටිකක් කරලා, ආපහු ස්ටූඩියෝ එකට ගිහින් ඉතිරි පේලි ටිකත් කරල දාන්න ඕනෙ. හෙට මික්ස් කරනවලු.

 

DESHAYA