බයිපාස් එකෙන් පස්සේ මල්ලි කියන්නලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-863අපේ කලා ලෝකයේ ශිල්පියෙකුට ළඟදීම බයිපාස් සැත්කමක් කරන්න වෙලාලු. සැත්කමට  දිනේකුත් වෙන් කරලා තියෙන්නේ.ඒ පුවත ආරංචි වුණු එයාගේ යාළුවෝ කට්ටියක් එයාව බලන්න ගෙදරට ගියාලු.

බය වෙන්න එපා. අද කාලේ ඕන තරම් බයිපාස් කරලා සනීප වෙච්ච කට්ටිය ඉන්නවා.යාළුවෙක් එයාගේ හිත හදන්න හැදුවලු.පිස්සුද.. මම බය නැහැ.

තවත් යාළුවෙක් අපූරු කතාවක් කිව්වලු.මචං.. එක දෙයක් මතක තියාගනින්. බයිපාස් එකක් කළාම ඕනම කෙනෙක් අවුරුදු 20කින් විතර තරුණ වෙනවා.මාත් අහලා තියෙනවා. ඒ කතාව ඇත්තද? ශිල්පියා ඇහුවලු.ඔව්.. ඔව්..

ශිල්පියා ඔහුගේ බිරිඳට කතා කරලා මෙහෙම කිව්වලු.මේගොල්ලො දැන් කතාවක් කිව්වා. බයිපාස් කළාම අවුරුදු 20කින් තරුණ වෙනවා කියලා. මතක ඇතුව මගේ බයිපාස් එකෙන් පස්සේ ඔයා මට මල්ලි කියලා කතා කරන්න.

 

DESHAYA