බලු පටියක් ගිටාරයට!



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-11-ent-16පහුගිය දවසක කලා ලොවේ තරමක් ජනප්‍රිය ශිල්පියකු පිටකොටුව පැත්තට ගියාලු පොඩි එකාට පොරොන්දු වුණු ගිටාර් එකක් ගන්න.

සෙල්ලම් ගිටාර් එකක් වුණාට ඒකත් හරියට ඇත්ත එකක් වගේමලු. ඒත් එකම ප්‍රශ්නෙට තිබුණේ ඒකට පටියක් නැති එකයි.

පොඩි පුතාට පටියක් එක්ක ගිටාර් එකක් පොරොන්දු වුණු නිසා ඔහු කඩවල් කීපයකටම ගියාලු පටි හොයන්න.

ඔන්න එක කඩේක තිබුණලු ගිටාර් එකට ගැලපෙන පටියක්. කඩේ කවුරුත් මේ කලා ශිල්පියා එක පාරටම අඳුරගත්තලු. ඒත් ඔහු තෝරන හැම පටියක්ම වැඩේට හරියන්නෙ නැහැම කියනවලු.

“මුදලාලි මේක පොඩි එකෙකුටනේ. හරියනවද නැදද අදාළ නෑ. මට ගාණ කියන්නකෝ..”

“අනේ බැහැ මහත්තයෝ මේවා ගිටාර්වලට දාන්න බෑ. මේවා බල්ලො බඳින පටි. අපි විකුණන්නේ බල්ලන්ට අදාළ දේවල් විතරයි. ඒකනෙ මම මුලින්ම කිව්වේ.”

 

DESHAYA