මල බද්ධයට හොඳ පොහොර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-23-ent-50එදා කොළඹින් බැහැර නගරයක ෂූටින් කලින්ම ඉවර වෙලා. ප්‍රධාන නළු නිළි කට්ටිය පළවැනි වෑන් එකෙන්ම කොළඹ ආවා.

ඒ එන ගමන් කෙනෙකුට එක්තරා ටවුමක තිබුණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලෙවිසලකට යන්න වුවමනා වුණා. කොහොම හරි වෑන් එකේ හිටිය කට්ටියම එතනින් බැහැල විකුණන්න තියෙන මල්, පළතුරු, එළවළු පැළ අතපත ගාන්න පටන් ගත්තලු වෙන පැත්තක තිබුණු බද්ධ කළ පළතුරු ගස්, ඒ ඒ පැළවලට අදාළ පොහොර වර්ග සහ නොයෙකුත් දේවල්.

වෑන් එකේ ආපු එක්තරා ශිල්පිනියක් එකපාරටම එහි සේවක මහතෙකුගෙන් ඇහුවලු මල බද්ධයට හොඳ පොහොර නැද්ද? කියලා.කට්ටිය උඩ බිම බැලුවලු, හිනාව නවත්තගන්න බැරුව.

ඇයි මම වැරදි වචනයක් කිව්වද? මට නුවරඑළිය පැත්තෙන් ලැබුණා ලස්සන බද්ධ කරපු රෝස මල් පැළයක්. ඒ පැළේට හොඳ පොහොර නැද්ද කියලයි මම ඇහුවෙ.

 

DESHAYA