මලමඟුලක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-27-ent-117එක්තරා කලා ශිල්පිනියකගේ දුවගෙ වෙඩින් එකේ පින්තූර ගන්න බාරදීලා ප්‍රසිද්ධ කැමරා ශිල්පියෙකුට. වැඩේ තිබුණෙ මාතර. මිනිහා කොළඹ ඉඳලා ගෝලයො තුන්දෙනෙකුත් දාගෙන මාතර යනවලු. කලින් දවසෙ රෑ කාපු කෑමක මොකක්හරි අවුලක් නිසා ඔහුට තද බඩේ අමාරුවක් හැදිලා තිබුණලු. වාහනේ එළවගෙන යන්නත් අමාරුයි. ඒ පාර එක ගෝලයෙක් කිව්වලු, තැඹිලි ගෙඩියක් බිව්වොත් හරියනවා කියලා.

මිනිහා තැඹිලි ගෙඩිය බීලා වැඩි වෙලාවක් ගියෙ නැහැ, බඩ ගුරු ගුරු ගාන්න පටන් ගත්තලු. එතනින් පස්සෙ ඉතින් දිගටම බඩ අප්සෙට්. මඟදිගට නවත්ත නවත්ත යනවා. වෙලාවට වෙඩින් හෝටලේට ගියාලු. ඒ තරම් ලොකු හෝටලයක් නෙවෙයිලු.

හැම චාරිත්‍රයක් අතරතුරම මෙයා ටොයිලට් දුවනවලු, ආපහු එනවලු.

හොඳ වෙලාවට හෝටලේ පොඩි නිසා ටොයිලට් එක තිබිලා තියෙන්නෙ පෝරුව පිටිපස්සෙමලු.

කොහොමහරි ෆාමසියෙන් පෙත්තක් අරගෙන වැඩේ පාලනය කරගත්තලු.

 

DESHAYA