මිනිය ළඟ බොරුවට රඟන්න එපා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-13-ent-36ඔහු ප්‍රවීණ ගී පද රචකයෙක්. බොහෝ ගායක ගායිකාවන්ට ඔහු ජනප්‍රිය ගීත ලියා තිබෙනවා. බොහෝ නළු නිළියන්ටත් ඔහු ජනප්‍රිය ගීත ලියා තිබෙනවා.

පසුගිය දවසක ඔහු ගීත රචනා කළ ගායක ගායිකාවන් හා කලාකරුවන් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් කොළඹදී පැවැත්වුණා.

එහෙත් එදා ඔහුගේ හිතවත්ම තරුවක් එදා ප්‍රසංගයේ සින්දු කියන්න නාවෙ කාගෙත් බලාපොරොත්තු සුන් කරමින්. ඒ ජනප්‍රිය තරුවගේ ජනප්‍රියම ගීතය ලියා තිබුණේ මොහුයි.

ඔහුගේ නොපැමිණීම නිසා ඔහු කොතරම් කම්පාවට පත්වුණාද කියලා කවුරුත් දැනගත්තෙ පහුවදා උදේ මුහුණු පොතේ අර ගී පද රචකයා දැමූ පෝස්ට්ටුවකින්.

මං මළත් මගේ මිනිය ළඟට ඇවිත් බොරුවට රඟන්න එපා කියා ඒ තරුවගේ නම සඳහන් කරමින් ඔහු fb post එක දමා තිබුණා.

 

DESHAYA