මේක හැමතැනම නවත්තනවද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-07-ent-28අපේ කලා ක්ෂේත්‍රයේ වසර ගණනාවක සිට නියැලිලා ඉන්න ශිල්පියෙක් බොහෝ වෙලාවල්වලට ගමන් කරන්නෙ කෝච්චියෙන්ලු.

ඉතින් කෝච්චියේ යන එන ගමන් ඇහෙන රස කතා එහෙම සෙට්වලට ඇවිත් කට්ටිය එක්ක කියලා විනෝද වෙනවලු.

එයාට ඔන්න ළඟදී එහෙම වෙච්ච සිද්ධියක් තමයි මේ කියන්න යන්නෙ.

වේයන්ගොඩ පැත්තෙ ඉඳන් කොළඹට එන කෝච්චියේ මෙයා එනවලු. රාගම ස්ටේසමේ කෝච්චිය නැවැත්තුවාම වේදිකාවෙ හිටිය ගෑනු කෙනෙක් ඇහුවලු, “මේක හැමතැනම නවත්තනවද?” කියලා.

මෙයා ගත්කටට ‘නැහැ’ කියලා.

රාගම ස්ටේසමේ කෝච්චිය ටික වෙලාවක් නරත කරලා සිග්නල් නැතුව. ඔන්න එකපාරටම අර ගෑනු කෙනා මෙයා ළඟට ඇවිත් බණිනවලු, පට්ට බැණිල්ලක්.

“මම වනවාසල බහින්නෙ. ඔහේගෙ කීම අහලා මම මේකට නැග්ගෙ. නැත්තම් මට තව පැයක් මෙහෙ ළඟින්න වෙයි ඊළඟ කෝච්චිය එනකම්,” අර මනුස්සයා කියාගෙන යනවා.

“ඉතින් මම මොනවද කිව්වෙ? නඟින්න එපා කිව්වද?”

“ඔහේ කිව්වෙ මේකෙ හැමතැනම නවත්තන්නෙ නැහැ කියලා. ඒත් මම අහලා බැලුවා. මේක ස්ලෝ එකක්.”

“හැමතැනම නවත්තන්නෙ නැහැ තමයි. මේක නවත්තන්නෙ ස්ටේෂන්වල විතරයි.”

 

DESHAYA