රෙද්දේ අනුමැතිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-11-ent-156ටෙලිනාට්‍යයක් හදනවා කියනඑක ලේසි පහසු දෙයක් නෙවෙයි. එහෙත් ඒවා නාළිකාවල විකාශනය කරගැනීම ඊටත් වඩා අමාරු වැඩක්. විශේෂයෙන් රාජ්‍ය නාළිකාවල එක්තරා කාලෙක නම් ටෙලිනාට්‍යයක් විකාශය කරගැනීම කුට්ටි සිස්ටම් තිබුණත් දැන් නම් ඒවා බොහෝදුරට අඩු වෙලා.

නමුත් ඕනෑම දෙයක් කරගැනීමට ක්‍රම සහ විධි නම් හොයාගෙන තියෙනවා.

මේ කතාවත් ඔය වගේ ඊයේ පෙරේදා සිද්ධ වුණු සිද්ධියක්.

සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යයක් හොඳ ද නරක ද බලන්න අදාළ නාළිකාවට මුල් කොටස් 15ක් හෝ 20ක් දිය යුතුයි. එය නැරඹීමෙන් පස්සෙ තමයි අනුමැතිය ලැබිලා ඉතුරු ටික කරන්නේ.

ඔන්න ඊයේ පෙරේදා කොටස් 5ක් පමණක් කරපු ටෙලිනාට්‍යකට රජයේ නාළිකාවකින් අනුමැතියක් ලැබිලා.

විකාශය සඳහා ගිවිසුම් අත්සන් කළාට පස්සේ තමයි ඉතුරු කොටස් 10 කරන්නෙ කියලා තියෙන්නේ.

දැන් විකාශය වෙන්නත් සියල්ල සූදානම්ලු.

අවසාන වටයෙදීවත් ඕගොල්ලො ඔහොම සතුටින් කරගෙන යන්නකො.

 

DESHAYA