රොනීගෙ කොණ්ඩෙ අවුල් වෙනවලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-18-ent-62මීට දින කීපයකට පෙර අප අතරින් සඳහටම සමුගත් අපේ හිතමිත්‍ර රොනී ලීච් කලා ශිල්පියාගේ මිහිරි මතකයන් රුසක් අපේ හදවත්වල සදාකල් රුඳී තිබෙණු නිසැකය.

කලා ලොවේ බොහෝ විට මතුවෙන පුහු ජෝකර්ලාට වඩා රොනී වැනි ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ නික්ම යාම අපට තදින්ම දැනෙන්නේ ඔහු තුළ තිබූ නිහතමානීකම නිසාය. ඔහු උස්පහත් භේදයකින් තොරව සියලු දෙනා සමඟ ඉතා කුළුපඟව ඇසුරු කළේය. අපේ ආයතනයට කුමන හෝ රාජකාරී කටයුත්තකට රොනී පැමිණි අවස්ථාවල ඔහු මුලින්ම යන්නේ අපේ ආරක්ෂක නිලධාරීන් සිටින දෙසටය. “අනේ මල්ලි මම මෙහෙට එනව. දැක්කම, කරුණාකරලා මේ ෆෑන් එක ඕෆ් කරන්න නැත්නම් මගේ කොණ්ඩෙ අවුල් වෙනවා...” ඔහු ඔවුන්ට නිතරම කියනවලු. ඔහු ළඟට රසික රසිකාවියන්ටත් ඔහු කිසිදු තහංචියක් දමන්නේ නැත.

දවසක් සංගීත ප්‍රසංගයකට ගිය වෙලාවට තරුණ කෙල්ලො සෙට් එකක් ඇවිත් ඇහුවලු “අනේ රොනී අයියේ ඔයාගෙ තට්ටෙට අපි හරි ආසයි... පොඩ්ඩක් අතගෑවට කමක් නැද්ද...?”කියලා

“අයියෝ මේ තට්ටෙ මගේ නෙවෙයි ඔයගොල්ලන්ගෙනෙ... අවුලක් නැහැ...”

කෙල්ලො ටික තට්ටෙ අතගානවත් සමඟම නිවේදකයා වේදිකාවට කතා කරනවලු. රොනීත් ගීත දෙක තුනක් ගයා රසික රසිකාවියන් පිනවලා නැවත වේදිකාවෙන් බහිද්දි කවුදෝ ඇහුවලු රොනීගෙ ඔළුවෙ මොනවද තියෙන්නෙ කියලා.

අතගලා බලද්දී තමයි තේරිලා තියෙන්නෙ, අර කෙල්ලො ටික රොනීගෙ ඔළුවෙ ලොකු චුයින්ගම් ගුලියක් අලවලා කියලා.

 

DESHAYA