ලිස්ට් එකෙන් පිට නම් බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-14-ent-170අපේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් විවේකීව ගෙදර ඉන්න දවසක එයාගේ නෝනට අවශ්‍ය ගෙදර දොරේ බඩු බාහිරාදිය ගන්නට පෞද්ගලික සුපිරි වෙළෙඳසලකට ගියාලු.ගෙදරට අවශ්‍ය කරන බඩු ටික නෝනා ලැයිස්තුවක් ලියලා දුන්නලු.

දැන් අපේ කලා ශිල්පියා සුපිරි වෙළෙඳසැලේ කරත්තෙකුත් තල්ලු කරගෙන රාක්කවලින් බඩු තෝරනවලු නෝනගේ ලැයිස්තුව දිහා බල බලා. ඒත් එක්කම තවත් කරත්තයක් තල්ලු කරගෙන ඇහැට කනට පේන කෙල්ලෙක් ආවලු එයා ළඟට.සර් අපි අද ප්‍රොමෝෂන් එකක් කරනවා. අපේ භාණ්ඩ දෙකක් ගත්තොත් සර්ට සියයට දහයක වට්ටමක් ලැබෙනවා. කෙල්ල කිව්වලු.

අනේ නංගි මට අපේ නෝනා ලියලා දීපු ලිස්ට් එකට පිටින් මුකුත් ගන්න බැහැනේ. එහෙම වුණොත් මට හොඳ බැණුම් ටිකක් අහන්න වෙනවා..අපිත් අපේ මහත්තයගෙන් බැණුම් අහගෙන තමයි සර්ගෙ ටෙලි නාට්‍ය බලන්නේ කියමින් අර කෙල්ල හිනාවෙවී එතනින් යන්න ගියාලු.

 

DESHAYA