වෛද්‍ය උපදෙස් පිළිපදින අපූරුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-23-ent-51පහුගිය දවසක අපේ ජනප්‍රිය කලා ශිල්පිනියකට වෛරස් උණක් හැදිලා. ඒ මදිවට කැස්සයි හෙම්බිරිස්සාවකුත් හැදිලා.ඕක වැඩිවෙන්න කලින් මෙයා ගියාලු දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් ගන්න.

මේක දවස් හතර පහකින් අඩු වේවි, ඒත් පරෙස්සම් වෙන්න වෙයි. ඇල්වතුරනම් අල්ලන්නම එපා, වෛද්‍යවරයා උපදෙස් දුන්නලු.ගෙදර ආපු ගමන් දැක්කලු හෝදන්න තියෙන රෙදි ගොඩගැහිලා.

ඇල්වතුර අල්ලන්නෙ නැතුව ඉන්න කිව්වට අපේ ගෙදර හැම වැඩක්ම උණුවතුරෙන් කරන්නෙ කොහොමද? මම රෙදි ටික සේරම හේදුවා... ඇය ඇගේ සැමියා හවස ගෙදර ආපු ගමන් කිව්වලු.දොස්තර ඇල්වතුර අල්ලන්න එපා කියන්නෙ හේතුවක් ඇතුවනෙ. ඔයා ඉතින් පණ්ඩිත වැඩමනෙ කරන්නෙ.. මහත්තයා කිව්වලු.

අනේ ඕක ඔච්චර ගණන් ගන්න එපා. මම ඇල්වතුරෙන් රෙදි හේදුවට, ඊට පස්සෙ අව්වෙ හිටගෙන හිටියා විනාඩි 15ක් විතර. ඒකෙන් බැලන්ස් වුණා.

 

DESHAYA