සර් මම හන්දියේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එක්තරා ටෙලි නාට්‍යක සුළු චරිතයක් රඟපාන්න අලුත් ශිල්පියෙකු තෝරගත්තාලු.

එයාගේ ෂූටින් තියෙන දවසේ උදේ 8 වෙද්දී ලොකේෂන් එකට එන්න ඕනෙ කියලා අධ්‍යක්ෂ එයාට කීප වරක්ම මතක් කළාලු.
කිරුළපන හන්දියට ඇවිත් මට කෝල් එකක් දෙන්න මම ඔයාව එක්කරගෙන එන්න බයික් එකක් එවන්නම්. අධ්‍යක්ෂකවරයා මේ තරුණයාට කිව්වාලු. 
ඔන්න දැන් ෂූටින් පටන්අරන් 9ත් වුණා. 10ත් වුණා මේ කොල්ලා තාම ආවෙ නැහැල්ලු. 

අධ්‍යක්ෂකට මළ පැන්නලු. කෝල් එකක් අරගෙන කතා කරලා තරැණයාට. මොකද්ද අයියෙ උදේ 8ට එන්න කිව්වෙ. දැන් දහයත් පහුවෙලා. කොයි හරියෙද දැන් ඉන්නෙ කියනවා. අධ්‍යක්ෂ ඇහුවලු. 
සර් මම හන්දියෙ ඉන්නෙ.

හා ඔහොම ඉන්නවා මම බයික් එකක හාදයෙක් එවන්නම්..
සර් හැබැයි මම තාම ඉන්නෙ අපේ ගෙවල් ගාව මීගමුව හන්දියේ.. 

 

► Text - Mithra

 

20190718Gossip3-1