ස්ලිම් ෆිට් රහස



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-23-ent-56හැමදෙනා ගැනම හොඳ අවධානයෙන් ඉන්න, හැමදෙනා ගැනම හොයලා බලන එක්තරා ප්‍රවීණ රංගන ශිල්පියෙක් ළඟදී දවසක කාලෙකට පස්සෙ තරුණ නළුවෙක් එක්ක කතාවකට සෙට් වුණාලු.

“කොහොමද කොල්ලො.. කාලෙකට පස්සෙ? අපි මේ එකට රඟපාන්නෙ ගොඩක් කාලෙකින් නේද?” ප්‍රවීණයා තරුණයාට කිව්වලු.

“ඔව්.. කොච්චර කාලෙකින්ද? මම හිතන්නෙ අවුරුදු 3කින් විතර..”

“ඔයා ටිකක් බර අඩුවෙලා.. මොකද ඒ? අසනීපයක් නැහැනෙ?”

“අනේ නැහැ. ඒකට වෙන හේතුවක් තියෙනවා..”

“මොකක්ද ඒ රහස..”

“ඉස්සර වගේ නෙවෙයි, දැන් මම අඳින්නෙ ස්ලිම් ෆිට් කමිස, ස්ලිම් ෆිට් කලිසම්.. ඉතින් ගොඩාක් අය හිතන්නෙ මම ජිම් ගිහින් ඇඟ හදාගෙන කෙට්ටුවෙලා කියලා,” කොල්ලා කිව්වලු.

 

DESHAYA