ස්වේච්ඡාවෙන් ඇවිත් මුදල් ඉල්ලලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-02-ent-229විවිධ සම්මාන උළෙල, තරගාවලි විනිශ්චය කිරීම සඳහා පත් කෙරෙන විනිසුරු මඬුලු බොහෝ අවස්ථාවලදී යම්කිසි ගෙවීමකට පාත්‍ර වෙනවා. එම ක්‍රියාවලිය සඳහා වැය කරන කාලය ගැන සැලකීමේදී එවන් ගෙවීමක් සිදුකිරීම කිසිසේත්ම අසාධාරණ නැති බව බහුතර මතයයි.

සාධාරණ විනිශ්චයක් ඉටු කරන්නේනම් ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ.ඒත් විනිසුරු මඬුල්ලකට තම දායකත්වය ස්වේච්ඡාවෙන් ලබාදීමට ඉදිරිපත් වූ පසු, මුදල් ඉල්ලා සිටීමනම් අනුමත කරන්න බැහැ. පසුගිය දවසක පැවති එක්තරා සාහිත්‍ය තරගාවලියකට මෙරට ප්‍රකට සාහිත්‍යධරයෙක් විනිශ්චය සඳහා තම දායකත්වය ස්වේච්ඡාවෙන් ලබාදීමට ඉදිරිපත් වුණා.

සතියක් දෙකක් යද්දී මොහු මේ කාර්යය සඳහා ලොකු මුදලක් ඉල්ලලාලු. සංවිධායක මඬුල්ල ඔහුව වහාම එම රාජකාරියෙන් ඉවත් කරලා.

 

DESHAYA