සීයට සීයේ පට්ට talk



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-27-ent-215බොහෝ දියුණු රටවල්වල ජීවත් වන මිනිස්සු එක් එක් අය කරන රැකියාවන් අනුව ඒ අය මනින්නෙ නැහැ. මොන රැකියාව කළත් අදාළ රැකියාවේ අභිමානය ඒ අයට තිබෙන්නට ඕනෙ. ඒත් මොකක්දෝ අවාසනාවකට අපේ රටේ බොහෝ අය මනින්නෙ ඒගොල්ලො අඳින පළඳින ඇඳුම්වලින්, ගමන් කරන වාහනවලින්, නැත්නම් කරන රැකියාවලින්.

ඔන්න ළඟදි දවසක කලා ශිල්පීන් දෙතුන් දෙනෙක් ගියාලු මියුසික් වීඩියෝ එකක් කරන්න අනුරාධපුර පැත්තෙ ගමකට. ඔය වැඩේට ලස්සන වැවක දර්ශන කිහිපයකුත් ගන්නත් මේ ගොල්ලො ලෑස්ති වුණා.ඔන්න වැවේ රවුමක් යන්න පොඩි ඔරුවකුත් සෙට් කරගෙන කට්ටිය යනවා. ඔරුව පදින්නෙ මැදි වයසෙ පුද්ගලයෙක්.

ලොකු උන්නැහෙට පුළුවන් කැමරාවකින් ෂූට් කරන්න? කොල්ලො ටික අර අහිංසක මනුස්සයා බයිට් කරන්න ගත්තා.අනේ නැහැ සර්. අපි කොහෙද ඒවා දන්නෙ?

වැඩක් නැහැ. වැඩක් නැහැ. කැමරාවකින් ෂූට් කරන්න බැහැ කියන්නෙ ඔහේගෙ ජීවිතේ 50ක්ම ඉවරයි.ඕකේ... එඩිටින් පුළුවන්ද?

ඒ කිව්වෙ මහත්තයො..?අයියෝ එහෙනම් ඔහේගෙ ජීවිතේ 75ක්ම ඉවරයි, වැඩක් නෑ..

ඔහොම ටික වෙලාවක් වැව මැද යද්දී කාලගුණය වෙනස් වෙලා තද සුළඟකුත් ආවලු. වැවේ වතුර පාරත් සැර වුණා.ඔය මහත්තුරුන්ට පීනන්න පුළුවන්ද?අනේ බැහැ ලොකු උන්නැහෙ, ඇයි අවුලක්ද?එහෙනම් ඔය මහත්තුරු හිතාගන්න ඔයගොල්ලන්ගෙ ජීවිතේ 100ක්ම ඉවරයි කියලා.

 

DESHAYA