සුන්දර වැරදීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-18-ent-64පසුගිය දවස්වල ඇදහැලුණු වරුසාවක් එක්ක බොහෝ අයට තම දෛනික වැඩකටයුතු කරගැනීමට බාධා ඇති වුණා.

ඒත් කළයුතු වැඩ කල් දැමිය නොහැකි නිසා චිත්‍රපට තිරකතා රචකයෙක් මොරටුව පැත්තෙ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හොයාගෙන ඔහුගේ නිවසට ගියා.

මුල්වරට අධ්‍යක්ෂකවරයාගේ නිවස සොයාගෙන යන නිසා අර තිරකතා රචකයා මඟ දිගටම ඔහුගේ නිවසේ දුරකතන ඇමතුම් දෙමින් මඟ අහගෙන ගියාලු.

ඔන්න දැන් ගේ ළඟටම ගියාම දුරකතනයට ප්‍රතිචාර දැකවූයේ අධ්‍යක්ෂකගෙ පුතාලු.

“මම ඉන්නෙ අර කියපු නිල්පාට ගේට්ටුව ළඟ..”

“හරි හරි මමා එළියට එයි...”

ඒත් එක්කම ඒ නිවස අසල තවත් කෙනෙක් ගේට්ටුව ඇරගෙන මේ තිරකතා රචකයාගේ කාර් එක ළඟට ඇවිත් කාර් එක රිවස් කරන්න කිව්වලු ඒ මිදුලට.

මෙයත් කාරෙක රිවස් කළාලු.

“කෝ අනිත් කට්ටිය ආවෙ නැද්ද?”

තිරකතා රචකයාගෙන් අර මනුස්සයා ඇහුවලු.

“මම විතරයි ආවෙ. ඩිරෙක්ටර් මහත්තයා ඉන්නවද?”

“ඩිරෙක්ටර්ද? මහත්තයා අපේ දුව මනමාලි බලන්න ආපු උදවිය නෙවෙයිද?”

“මොන දුවෙක්ද? මේ අර ෆිල්ම් ඩිරෙක්ටර් ගෙදර නෙවෙයිද? එහෙනම් ඇයි වාහනේ මිදුලට රිවස් කරන්න කිව්වෙ...”

 

DESHAYA