සූර චෞරයායි දතේ කැක්කුමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-21-ent-66පසුගිය දවසක අපේ සහෝදර මාධ්‍යවේදියකු ලියපූ අපූරු පොතක් කියවන්නට ලැබුණා.ඔහු මාධ්‍යවේදියෙක් කිව්වට දැන්නම් සම්මානනීය නළුවෙක්. ඒ වෙනින් කවුරුත් නෙවෙයි, අපි කවුරුත් දන්නා හඳුනන අති දක්ෂ රංගන ශිල්පී කුමාර තිරිමාදුර.

කුමාර ළඟදි මගේ ජීවිතේ කියලා අපූරු පොතක් ලියලා තිබුණා. ඒක ලියලා තිබුණෙ සරල බසින්. ඒ නිසාම ඒ පොත එක හුස්මට කියවගෙන යන්න පුළුවන්. පරිච්ඡේද කීපයකට පොත වෙන් කරලා තිබුණා. මම ගොඩක් කැමති වුණේ ඔහු පාසැල් යන කාලෙ පිච්චර පිස්සකු හැටියට කළ අමතක නොවන සිද්ධි ලියලා තිබුණු දේවල්වලට.

ඇත්තෙන්ම අද කලා ලෝකයේ බොහෝ ප්‍රවීණයෝ, පොඩි කාලේ එක්කො සින්දු පිස්සෝ, නැත්නම් පිච්චර් පිස්සෝ.ඔන්න දවසක් කුමාරටයි ඔහුගේ ඥාති සොයුරෙකු වන උදය අයියටයි සූර චෞරයා බලන්න ඕන වෙලා. ඕක ගෙවල් ළඟ හෝල් එකක පෙන්නන්නේ එදා විතරලු. ඉස්කෝලෙ යන කොල්ලො නිසා අතේ සල්ලිත් නැහැල්ලු.ඔහොම ඉන්නකොට එක පාරටම උදය කම්මුල තදින් අල්ලාගෙන අඬන්න පටන්ගත්තලු. බැලින්නම් එයාගේ නෑයෙක් එනවා දැකලා එහෙම කරලා තියෙන්නේ.මොකෝ මල්ලි අඬන්නේ?

අනේ අයියේ දතේ කැක්කුමක්. ඉවසන්න බෑ. අම්මා තාත්තත් ගෙදර නෑ.අර අයියා උදයට දත ගලවගන්න කියලා සල්ලි දුන්නලු. දෙන්නම 2.30 ෂෝ බලන්න ගිහින්.

ෂෝ එක ඉවර වෙලා එළියට එද්දි 6.30 ෂෝ එකට පුදුම සෙනඟක්ලු. ඒ සෙනඟ අතර හිටියලු අර දත ගලවන්න සල්ලි දීපු අයියා.ආ මල්ලි දත් දොස්තර හිටියෙ ෆිල්ම් හෝල් එකේද? කියා ඔහු ඇහුවලු.

 

DESHAYA