හොඳටම බැනලා මාව හදන්න සර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1230වත්මන් පරපුර සහ පෙර පරපුර අතර තියෙන ලොකුම වෙනස තමයි මේ පරපුරේ බොහෝ අයට වැඩක් කරද්දී මහන්සි වෙන්න, කැපවෙන්න, ඉවසන්න පුරුද්දක් නැති එක. කලා ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි මේ විෂබීජය සමාජයේ හැමතැනකටම පැතිරිලා ගිහින් තියෙන්නෙ. තාක්ෂණික අතින් අපි කොයිතරම් දියුණුවෙලා හිටියත්, ප්‍රායෝගික දැනුම හා සමාජ ආශ්‍රය නැතිකම තමයි බොහෝවිට මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නෙ. 

අද මේ තීරුවේ අලුත් අය මුහුණදීපු යම් යම් අකරතැබ්බයන් ගැන තමයි අපි අවධානය යොමු කරන්නෙ.ඔන්න පහුගිය දවසක රඟපාන්න පුදුම ආසාවකින් හිටිය කොල්ලෙකුට අවස්ථාවක් හම්බවුණාලු ටෙලිනාට්‍යයක පොඩි චරිතයක් රඟපාන්න.

ඒත් මළාට දෙබස් මතක හිටින්නෙ නැහැල්ලු මේ කොල්ලට. අධ්‍යක්ෂකට මළ පැනලා බණිනවලු කොල්ලට පලු යන්න. දර්ශන තලයෙන් කොල්ලව එලෙව්වෙ නැති ටික විතරලු. ඒත් කොල්ලට ගාණක්වත් නැහැලු.අනේ සර් මට තව බණින්න. හොඳටම බණින්න සර්. බැණලා මාව හදන්න සර්. පින් සිද්ධවෙයි මාව බැණලා හරි හදන්න සර්, ඔහු පින්සෙණ්ඩු වුණාලු.

 

DESHAYA