ෆෝන් එක උඩද යටද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-06-ent-254අද තාක්ෂණයේ දියුණුවත් එක්ක අපට බොහෝ වාසිදායක අවස්ථාවන් තියෙනවා. ඒ වගේම තමයි, වැරදි විදිහට භාවිත කළොත් ඒකෙන් ලැබෙන අහිතකර බලපෑම්.ඒ කොයි හැටි වෙතත්, බොහෝ අය විශ්වාස කරන කාරණයක් තමයි තාක්ෂණය අතින් අපි දියුණු වෙන්න වෙන්න අපි මනුස්සකම් අතින් පිරිහෙනවා කියන එක.දැන් ජංගම දුරකතනයක් නැති වුණොත් ඒක තියෙන තැන හොයාගන්නත් ඇප් එකක් තියෙනවනෙ.

අපේ කලා ශිල්පිනියකගෙ ජංගම දුරකතනය ෂූටිං එන අතරතුර නැතිවෙලා සෙට් එකේ ලොකු කලබලයක්. මෙයාගෙ මූඩ් එක ඉවරයි. සෙට් එකේ හිටපු තරුණයෙක් කිව්වලු නැතිවුණු ෆෝන් එක තියෙන තැන හොයාගන්න දැන් ඇප් එකක් තියෙනවා කියලා. අපේ නිළියට හරි සතුටුයි. කොල්ලා එයාගෙ ෆෝන් එකේ විස්තර ගහනවා ඇප් එක හොයාගෙන.හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.

තියෙනවා තියෙනවා. ෆෝන් එක තියෙන තැන පෙන්නනවා. කොල්ලා ජයග්‍රාහී ලීලාවෙන් කියනවා.අනේ මල්ලි කොහෙද තියෙන්නෙ? කොහෙ හරි වැටිලද? අර නිළිය අහනවා.

නැහැ අක්කෙ, ඕක තියෙන්නෙ ඕගොල්ලන්ගෙ ගෙදරමයි, කොල්ලා කියනවා.හානේ මට මතක් වුණා, මම එන්න කළින් සාලෙ කතා කර කර හිටියනෙ ෆෝන් එකෙන්. අනේ මල්ලියො පොඩ්ඩක් ඒකෙ ගහලා බලපන්කො ෆෝන් එක හරියට තියෙන්නෙ සෝෆා එකේ උඩද යටද කියලා.

 

DESHAYA