ආදර කතාවකට මුල් වූ Lover's Leap දිය ඇල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210309loversleap-1

ආදරය වෙනුවෙන් කෙතරම් කැපකිරීම් කරන්න පුළුවන්ද කියලා දන්නේ ආදරය කරන අය විතරයි. ආදරය වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පුජා කරන්න පුළුවන් ආදරවන්තයෝ අතීතයේ වගේම අදත් ඉන්නවා. ඔවුන් ඉතිහාසයට එකතු වන්නේ ආදරවන්තයින්ට ආදරය කෙතරම් විශාලද කියලා පෙන්වා දෙමින්. නුවරඑළියට මදක් ඔබ්බෙන් වූ Lover's Leap දිය ඇල්ල අතීතයේදී ආදරවන්තයෙකුගේ ආදරයේ තරම පිළිබඳව සාක්ෂි දරණ දියඇල්ලක්. මෙවර අප ඔබව කැඳවාගෙන යන්නේ මේ Lover's Leap දිය ඇල්ල වෙතටයි.

දෙස් විදෙස් සංචාරකයින්ගේ නිරන්තර ආකර්ශනයට නතු වන %නුවරඑළිය^ බැලූ බැලූ අත මනස්කාන්ත දසුන් මවන ස්වභාවික පිහිටීම් ඇති ප්‍රදේශයක්. නුවරඑළියේ සංචාරය කරන බොහෝ දෙනෙක් අපි අද කතාකරන Lover's Leap දිය ඇල්ල ගැන නොදන්නවා ඇති.

නුවරඑළිය - උඩුපුස්සැල්ලාව මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ ගිය පසු හමුවන Lover's Leap මාර්ගයේ තවත් කිලෝමීටර් එකහාමාරක් දෙකක් ගිය තැන Lover's Leap දියඇල්ලට යන කුඩා මාර්ගය හමු වනවා. යතුරුපැදියකින් හෝ ත්‍රී රෝද රථයකින් යනවා නම් දිය ඇල්ල පිහිටි සමීපයටම ගොස් ඉතිරි කෙටි දුර ඇවිද යා යුතුයි. බොහෝවිට සංචාරකයින් Lover's Leap ඇල්ලට යන මාර්ගය අසල සිය වාහනය නතර කොට කුඩා කඳු ගැටයක් සහිත කුඩා තේ වත්ත මැදින් ඇති අඩි පාර දිගේ දිය ඇල්ල නැරඹීමට යයි.

පෙර පැවසූ පරිදි මෙම දිය ඇල්ලට Lover's Leap යනුවෙන් නම වැටීමට එක්තරා ආදර කතාවක් මුල් වී තිබෙනවා. පුරාණයේ මේ ප්‍රදේශයේ සිටි රාජකීය කුමාරයෙක් ඇල්ල පිහිටි වනයේ දඩයමේ යන අතරතුර වනයට පහළින් වූ ගමේ සිටි රූමත් තරුණියක් දැක ඇය හා ප්‍රේමයෙන් බැඳෙනවා. නමුත් එකල ප්‍රදේශය පාලනය කළ රජු සහ බිසම රාජකීය කුමාරයාගේ මෙම ප්‍රේමයට විරුද්ධ වී දෙදෙනාව වෙන් කළ බැවින් කුමාරයා සහ ඔහුගේ පෙම්වතිය මෙම දිය ඇල්ල මුදුනේ සිට පහතට පැන සිය දිවි නසාගෙන තිබෙනවා. එදා සිට අද දක්වා මෙම දිය ඇල්ල Lover's Leap යන්නෙන් හැඳින් වූ බවටයි පැවසෙන්නේ.

මීටර් තිහක් පමණ උසකින් යුත් මේ කුඩා දිය ඇල්ලේ ආරම්භය ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වනවා. දිය ඇල්ල පාමුලට පැමිණ ගල් පරයකට නැග නුවරඑළිය නගරයම මනස්කාන්ත දසුනක් ලෙස දිස්වනවා. වැසි කාලයට නම් මෙම ඇල්ලෙන් විශාල දිය කඳක් පහතට ඇද වැටෙනවා සේම කූඩැල්ලන් සහ ලිස්සන සුළු කුඩා අඩි පාර නිසා වැසි කාලයේදී ඇල්ල නැරඹීමට යාම භයංකාරයි. නමුත් වියළි කාලයේදී නම් මේ දිය ඇල්ලේ අසිරිය විඳ ගැනීමට පහසුවෙන් යා හැකියි.

සටහන සහ ඡායාරූප - කැළුම් දේවින්ද

20210309loversleap-2 20210309loversleap-3 20210309loversleap-6 20210309loversleap-7