නටාලියා නිසා ක්‍රිස්ට තැනක් නැද්ද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පළමු වතාවට ‘මාවල්’ චිත්‍රපටයක් සඳහා සම්බන්ධව සිටින සුරූපි සිනම නිළි නටාලියා ෆොට්මන් මේ වනවිට එම චිත්‍රපටය වෙනුවෙන් කාර්යබහුල වී ඇති බව වාර්තා වෙයි. ‘කොවිඩි’ වසංගතය හේතුවෙන් අවස්ථා කිහිපයකදිම මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු අවලංගු කළද මේ වනවිට ‘කොවිඩ්’ වසංගතය අඩු නවසීලන්තයේ මෙහි වැඩ කටයුතු නැවතත් සිදු කරමින් සිටින බව වාර්ත වෙයි.

නටාලිය මෙසේ පෙනී සිටින්නේ ‘තෝර්’ අලුත්ම චිත්‍රපටය වූ ‘තෝර් - ඇන්ඩ් තන්ඩර්’ චිත්‍රපටය සඳහාය. ඇය මෙහි ක්‍රිස් හෙම්ස්වර්ත් හා ක්‍රිස්ටියන් බෙල් සමගින් ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වෙයි. කෙසේ වෙතත්, ලැබෙන තොරතුරුවලට අනුව මෙම චිත්‍රපටයේ වැඩි දර්ශන ප්‍රමාණයක් සඳහ නටාලියා සම්බන්ධව සිටින බවය. ඒ නිසාවෙන් ‘තෝර්’ චරිතයට පණ පොවන ක්‍රිස් හෙම්ස්වර්ත්ට චිත්‍රපටයේ වැඩි ඉඩක් නොලැබී ඇති බව වාර්තා වෙයි.