කලාව කියන්නේ මැරෙන තුරුම ඉගෙන ගන්න තියෙන විෂයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට ටෙලි නාට්‍ය්‍ය රාශියක දැක ඇති යොවුන් රංගන ශිල්පිනියක් ලෙස ලංකි ප්‍රේමරත්න හඳුන්වා දිය හැකිය. විවිධ චරිත ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂක ඔබ හමු වූ ඇය ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ දිගුගමනක් යන්නට අපේක්ෂාවෙන් පසුවන්නීයක්ද වෙයි. අද ‘සාරවිට’ තරු කතා බහ දිග හැරෙන්නේ ඇය සමගින්ය.

කොහොමද ලංකි කලාවට එකතු වෙන්නේ?

2018 වසරේ තිබුණ ‘මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ්’ තරගයට ඉදිරිපත් වෙලා. මේක සංවිධානය කළේ චන්දිමාල් ජයසිංහ. ඒ තරගයේ මම අවසන් තරගකාරියන් 12 දෙනා අතරට ආවා. ඒ එක්කම තමා කලාවට යොමු වෙන්න අවස්ථාව විවිර වුණේ.

කලාවට එකතු වෙන හීනයක් ඇතිවුණේ එතකොටද?

නැහැ. තෙරේන කාලේ ඉඳලා හිනයක් තිබුණ කලාවට සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම නිරූපණය හා රංගනය පැත්තට යොමු වෙන්න. අද වෙන කොට ඒ හීනය සඵල වෙලා තියෙනවා මගේ. රංගනය පැත්තෙන් යම්තාක් දුරක් ඇවිල්ලා තියෙන කියලා හිතෙනවා මට. ඉදිරියට කලා ක්ෂේත්‍රය තුළ ස්ථාරව වෙන්න තමයි මගේ අදහස.

ක්ෂේත්‍රය ගැන ඔබ දරණ අදහස කුමක්ද?

ගොඩක් හොඳයි කලාව ඉගෙන ගෙන ආවොත් තවත් හොඳයි කියලා තමයි මගේ නම් අදහස. කලාව කියන්නේ මැරෙන තුරුම ඉගෙන ගන්න තියෙන විෂයක් කිව්වොත් හරි.

ලංකි දායක වුණ නිර්මාණ ගැනත් කියමු?

සිරසේ විකාශය වුණ මඩොල් කැලේ විරයෝ, ස්වර්ණවාහිනියේ විකාශය වුණ සිහින සමාගම, දෙරණේ ගිය රාවණා දෙක. තව බ්ලැක් ටවුන් ස්ටෝරි, ක්වීන්, ඉලංන්දාරියෝ, කබඩි චිත්‍රපටය මා රංගනයෙන් දායක වුණ නිර්මාණ. ඉදිරියට තව ටෙලි නාට්‍යය තුනක් මගේ විකාශය වෙන්න නියමිත වෙලා තියෙනව. මේවාට අමතරව කිල්ස්, කොමර්ෂල්, ආර්පිකෝ, ඩී.එස්. අයි, එයාර්ටෙල් රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉඳලා තියෙනවා.

කලා ශිල්පිනියකට අද පිළිගැනිමක් තියෙනවාද?

පිළිගැනීම නම් ලොකුවට නැහැ. මොකද, ක්ෂේත්‍රය තුළ අද ගොඩක් නළුනිළියෝ ඉන්න නිසා. නමුත්, නවකයෙක් විදිහට රසික ප්‍රතිචාර නම් ඉහළින්ම ලැබෙනවා මට.

මේක ඔබගේ වෘත්තියද?

නැහැ. මම මේක කරන්නේ විනෝදාංශයක් විදිහට. මොකද, තෙරේන කාලේ ඉඳලා මට තිබුණ ලොකුම හීනය තමයි කලාව පැත්තට සම්බන්ධ වෙන එක. නමුත්, මගේ වාත්තිය රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට වැඩ කරන එක.

මුදල් හොයන්න වගේම ජනප්‍රිය වෙන්න අද නවක කලා ශිල්පිණියෝ විවිධ දේවල් කරනවා?

අනේ මන්දා මට විවේචනය කරන්න බැහැ කවුරුත්. අපි හොඳ නම් එච්චරයි අනිත් අයගේ කතා නම් මට අදාල නැහැ.

කලාව තුළ දිගටම රැඳෙන්නද අදහස?

ඔව්, අනිවාර්යයෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් වෙලා කලා ක්ෂේත්‍රය තුළ ඉහළටම යන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. මම හිතනවා මට ඒ ඉලක්කයට යන්න පුළුවන් වේවි කියලා.

උදව් කරපු අය?

ගොඩක් අධ්‍යක්ෂවරු තමයි මට උදව් කළේ. තිළිණ බොරලැස්ස මහත්මයා, ගයාන් ඉන්දික මල්ලි, සුපුන් රත්නායක මහත්මයා. ඒ අතර මේ අවස්ථාවේදී ආදරයෙන් මතක් කරන්න ඕනා මගේ අම්මාව. නම් කියූ නොකියෝ හැම දෙනාවම මේක අවස්ථාවක් කරගන්නවා මම ස්තුති කරන්න.

කතා බහා - බුද්ධික සේනාධීර

20210601Lanki (1) 20210601Lanki (2) 20210601Lanki (3) 20210601Lanki (4)