අයියෝ සිනමාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ සිනමාවට අවුරුදු 71ක් වෙනවා. ඒත් සමරන්න කියලා චිත්‍රපටි සංස්ථාව උත්සවයක් ලෑස්ති කරලා පිරිතක් දානයක් එහෙමත් ලෑස්ති කරලා.

අවුරුදු 70කට වඩා වැඩි සිනමාවක් තියෙනවා කියන්නේ ආඩම්බර වෙන්න ඕන කාරණයක් තමයි. ඒත් අද අපේ සිනමා තියෙන තැන ගැන නම් තියෙන්නේ ආඩම්බරයකටත් වඩා දුකක්. මොකද අවුරුදු 70ක් වෙලත් කර්මාන්තයක් විදියට අපේ සිනමාව ප්‍රශ්න කප්පරක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්න අද ඊයෙක ඇතිවෙච්ච දේවලුත් නෙවෙයි. කාලයක් තිස්සේ එකතු වෙවී ඇවිල්ලා ඇවිල්ලා අද මාර ප්‍රශ්න ගොඩක් තමයි තියෙන්නේ. මේ තරම් ප්‍රශ්න ගොඩනැගිලා තියෙන සිනමාවේ 71 වෙනි වසර සමරන්න පිරිත් කියන එකට හෝ දානෙ දෙන එකට වඩා මේ ප්‍රශ්න ටික බේරුමක් කරගන්න බැලුවනම් නරකද කියලා හිතෙනවා.

20160830Sara-1අපේ සිනමාව ගැන කට ඇරියොත් ඕනෑම කෙනෙක් කියන්නේ තමන්ට තියෙන දුක්ගැනවිලි තමයි. බලන්නකො සිනමාකරුවො ඔය පත්තරවලට එහෙම දෙන සාකච්ඡා. ඒ ටික එකතු කළානම් චිත්‍රපටි සීයක් කරන්න පුළුවන්. ඒ තරම් ශෝකාන්ත ඒවා. තම තමන්ට වෙච්ච අසාධාරණකම් බැරි අමාරුකම් තමයි මේ හැම තැනම තියෙන්නේ. මෙන්න මේ ප්‍රශ්න ටික විසඳාගන්න ජාතික චිත්‍රපටි සංස්ථාවට මැදිහත් වෙන්න පුළුවන් තරමින් හෝ මැදිහත් වෙනවද කියන එකයි ප්‍රශ්නෙ. නමට ජාතික චිත්‍රපටි සංස්ථාව කියලා ලොකුවට සුදු අලියෙක් නඩත්තු කළාට වැඩක් නෑ. චිත්‍රපටි සේවකයන්ට පඩිනඩි ගෙවන්න පවා ආණ්ඩුව  විශාල වියදමක් තමයි දරන්නෙ. මේකෙන් ලාභයක් ඉපදෙන්නෙත් නෑ. ඉතින් මෙතෙක් සිනමාවට වෙන්න ඕන වැඩේවත් හරියට ඉටු වෙන්න ඕන.

අපිට මතකයි පසුගිය වෙසක් එකට ජාතික චිත්‍රපටි ස්ංස්ථාව ලොකු තොරණක් ගැහුවා. ඒවට ලොකු වියදම් කරන්න ඇති. මේ වගේ වියදම් සහ වැඩවලට ජාතික චිත්‍රපටි සංස්ථාවට සල්ලි හොයාගන්න පුළුවන් නම් සිනමාවේ ප්‍රශ්න ටික විසඳගන්නත් හොයාගන්න පුළුවන්නම් කොච්චර දෙයක්ද.

දැන් ලොකු චිත්‍රපටි පෝලිමක් තියෙනවා පෙන්නගන්න. මේ දින පෝලිමේ තියෙන චිත්‍රපටි ටික පෙන්නගන්න හරි ක්‍රමයක් හදලා ඒක ඉවරයක් කළානම් කොච්චර ෂෝක්ද. ඒත් ඒවා එහෙමමයි.

දැන් මේ පෝලිමට තව තවත් චිත්‍රපටි එකතු වෙනවා. ඒ එකතු වෙන චිත්‍රපටි චිත්‍රපටිද කියන ප්‍රශ්නෙත් තියනවා. මේ පෝලිමේ තියෙන චිත්‍රපටිත් චිත්‍රපටි නොවන ජාතියේ බඩාමාලු. මෙතැනින් කිසිම ගැටලුවක් නැතුව භාගෙට භාගයක් පැත්තකට විසි කරන්න ඕන ජාතියේ ඒවා. කොල්ලොයි බල්ලොයි හැම එකාම කිසිම චාරයක් නැතුව චිත්‍රපටි තියලා බඩකඩුත්තු හදලා පෝලිමට තල්ලුකරලා තියෙන්නේ. මේ ක්‍රමය නැති කරන්න ඕන. අඩුම තරමේ චිත්‍රපටි හදන්න කලින් පිටපත හෝ පරීක්ෂා කරලා ඒවා චිත්‍රපටි විදියට කරන්න දෙනවද නැද්ද කියලා තීන්දු දෙන්න විධිමත් ක්‍රමයක් තියෙන්න ඕන. එහෙම වුණානම් මේ පෝලිම නෑ.

71 වෙනි සිනමා සැමරුම සමරන අපේ සිනමාවේ හෙට දවස ගැන ජාතික චිත්‍රපටි සංස්ථාව කටයුතු කරන හැටි ගැන අපි බලාගෙන ඉඳිමු.

ප්‍රියන්ත කොඩිප්පිලි