ගොබ්බ සමරේ සරම ඇඳගනින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170714Sara-1

ජාතික තරුණ සේවා සභාවයි ස්වාධීන රූපවාහිනියයි එකතුවෙලා පසුගිය දවස්වල පවත්වපු ටැලන්ට් ෂෝ එකකින් ප්‍රසිද්ධ වුණු ‘සමරේ ඇන්ඩ් සමරේ’ කියන ජෝඩුව දීපු ගොබ්බ ආතල් වලින්  සමහරු හිනාවුණු හැටි අපි දැක්කා. ඒ ජෝඩුවට හඬවල් ඉමිටේට් කරන්න පොඩි හැකියාවක් තියෙන එකෙන් තමයි මේ තරම් ප්‍රසිද්ධ වුණේ. ජාතික තරුණ සේවා සභාව වගේ තැනකින් පවත්වන තරුණයන්ගේ දක්ෂතා ඉස්මතු කරන වැඩසටහන්වලින් උඩට එන්නේ කාලකන්නි දේශපාලකයන්ගේ හඬවල් ඉමිටේට් කරකර ගොං ආතල් දෙන ගොබ්බයෝ නම් මේ ආයතන ගැනත් කතා කරලා වැඩක් නෑ.

මේ ගොබ්බ සමරේලාගේ ගොබ්බ වීඩියෝ එකක් මේ දවස්වල අන්තර්ජාලයේ සැරිසරනවා. ඒකෙන් මුන් බයිට් එකට ගන්නේ මේ දවස්වල රටේම මාරාන්තික වසංගතයක් වෙලා තියෙන ඩෙංගු රෝගය. ඩෙංගු රෝගය ගැන දේශපාලකයන්ගෙ හඬවල් ඉමිටේට් කරලා කාලකණ්නි ජෝක් කතා කියන මේ මෝඩයෝ ජෝඩුව දන්නේ නෑ මේ වෙලාවේ ඩෙංගු රෝගයෙන් රටටවෙලා තියෙන විනාසය. මේ වගේ කාලකණ්නි තමයි මේ සමාජයේ සුපර්ස්ටාර්ලා කරලා තියෙන්නේ.

20160830Sara-1මේ ඩබලට මොළේ බිංදුවක් හරි තියෙනවානම් මේ වෙලාවේ කරන්න තියෙන්නේ තමන්ගේ ප්‍රසිද්ධියත් පාවිච්චි කරලා තරුණ සේවා සභාව හෝ අයි.ටී.එන්. එකත් එක්ක එකතුවෙලා ඩෙංගු රෝගයෙන් අසරණ වෙලා ඉන්න රෝගීන්ට පිළිසරණක් වෙන එක හෝ ඩෙංගු රෝගය මර්දනය කරන්න සිද්ධවෙන වැඩසටහන්වලට හවුල්වෙන එකනේ. ඒත් ඒ වෙනුවට මේ ජෝඩුව කරන්නේ ඒකෙනුත් ගොං ආතල් එකක් ගන්න එක. මුං හිතන් ඇති මේවට මිනිස්සුන්ට මාර හිනා කියලා. මේ වගේ ගොං ජෝක් අපි ඕන තරම් දැකලා තියෙනවා. ඇත්තටම මේ ජෝඩුව කාලකන්නි විදියට දේශපාලුවන්ගේ හඬවල් අනුකරණය කරන එකෙන් තියෙන ප්‍ර‘යෝජනය මොකක්ද කියලා හිතාගන්න බෑ. ඒකෙන් කාටහරි ඵලදායීතාවක් තියෙනවානම් කමක් නෑ. තරුණ සේවා සභාවෙන් ඉස්සර නිර්මාණය කළේ දක්ෂ සංගීත ශිල්පීන්, ගායක ගායිකාවන්, වාදකයන්, නර්තන ශිල්පීන් වගේ අය. ඒ වෙනුවට කෝටි ගණනක් වියදම් කරලා ටැලන්ට් ෂෝ  තියලා අද උඩට උස්සන්නේ මජර දේශපාලකයන්ගෙ හඬවල් අනුකරණය කරන ගොබ්බයෝ.

මේ ටැලන්ට් ෂෝ එකේ විවිධ දක්ෂතා තියෙන අය ඉන්නවා අපි දැක්කා. ඒ අයගෙන් රටට ප්‍ර‘යෝජනයක් ගන්නවානම් ඒකයි වටින්නේ. ඒත් මේ මෝඩ ජෝඩුවම තමයි හයිලයිට් කරන්නේ. ඒ මදිවට අයි.ටී.එන් එකේ මුන්ගේ ගොංපාට්වලට  ප්‍රෝග්‍රෑම් එකකුත් වෙන්කරලා. ජාතික නාළිකාවකින් රටට දෙන්න ඕන මේ වගේ මෝඩආතල් නෙවෙයි කියලා තේරුම් ගත්තොත් හොඳයි.

20170714Sara-2ඩෙංගු රෝගයෙන් අන්තිම අමාරු අඩියට වැටිලා ඉස්පිරිතාලවල ඇඳන්යට පවා ගාල්වෙලාඉන්න අසරණ රෝගීන්ට ඉස්පිරිතාලවල තියෙන ටී.වී. එකෙන් හරි මුන්ගේ මේ කාලකණ්නි ආතල් එක දැක්කොත් මොනවගේ හැඟීමක් ඇතිවෙයිද.

මේ මෝඩ පුත්තුන්ට හරි ගයිඩ්ලයින් එකක් දෙන්න ජාතික තරුණ සේවා සභාව හෝ අයි.ටී.එන්. එක හිතුවොත් හොඳයි. මූලික වටවලදී ඔය වගේ දේකින් ඉදිරියට ආවත් දිගින් දිගටම දේශපාලකයින්ගේ කතා ඉමිටේට් කර කර ඉන්නේ එකන් මොකක්ද ඇති ප්‍රයෝජනේ. මේකෙන් තේරෙන්නේ මුන්ට කිසිම සමාජ බුද්ධියක් නෑ කියන එක. මුන් දෙන්නටත් අත්වෙන්නේ ඔය අනුන්ගේ සිංදු කියාගෙන ආපු සුපර්ස්ටාස්ලා තමන්ගේ අනන්‍යතාවක් හදාගන්න බැරුව හැඳිගැවීලා ගියා වගේ දෙයක්ම තමයි. වෙන දෙයක් නෑ.

තමන්ගේ ඇක්සන්ට් එක ඉමිටේට්කළා කියලා බංදු සමරසිංහ අලුත් කොල්ලෙකුට නඩුදාලා වන්දියකුත් ලබාගත්තා. ඒ වගේ මේ සමරෙලාටත් මේ ගොල්ලො ඉමිටේට් කරන දේශපාලකයො නඩුදාලා වන්දි ඉල්ලන්නත් බැරි නෑ.

තමන්ගේ මොකක් හරි දක්ෂතාවක් තියෙනවානම් ඒකෙන් තමන්ටයි සමාජයටයි ප්‍ර‘යෝජනවත් දෙයක් කරනවා මිසක් රටම අමාරු අඩියකට වැටිලා තියෙන වසංගත රෝගයකින් ආතල් ගන්න එක නෙවෙයි කරන්න ඕනේ. ලෙඩකින් පවා ආතල් ගන්න මේ වගේ කාලකන්ණි ඩෙංගු වලටත් වඩා වසංගතයක් කියලා මිනිසුන්ට හිතෙන එක පුදුමයක් නෑ.

ප්‍රියන්ත කොඩිප්පිලි