රටක්ද රෝහලක්ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල හැම දෙනාගේම කතාබහ කුණු ගැන. කුණු කන්දක් නිසා මාර පරිප්පුවක් කන්න සිද්ධවුණු මිනිස්සු ගැන ඒ කුණු කන්ද නිර්මාණය කරපු දේශපාලන මහත්තුරු ටික කිඹුල් කඳුළු හලන මොහොතක් මේක. ඇත්තටම මේක මොන කාලකණ්ණි ක්‍රමේකට අරගෙන යන රටක්ද මන්දා.

රටම කතා කරන මීතොටමුල්ල කුණු කන්ද ගැන නෙවෙයි අපි මේ කතා කරන්න හදන්නේ. මේක කුණු ගැන කතාවක් තමයි. කලාව සහ ආගම කුණු ගඳ ගස්සන වැඩක් ගැනයි මේ කියන්න හදන්නේ. මේ දවස්වල අන්තර්ජාලයේ එහෙම හුවමාරු වෙන මියුසික් වීඩියෝවක් තියෙනවා. ඉරාජ් වීරරත්න කියන හාදයාගෙලු මේ වැඩේ. ඉරාජ් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

මියුසික් මීතොටමුල්ල වගේ තැනක් කරන හාදයෙක්නේ මෙයා. මේ හාදයා තක්කඩි ප්‍රොජෙක්ට් එකක් තමයි අරගෙන යන්නේ. කලාව කිය කියා බලු නොවටින මියුසික් වීඩියෝ කරලා, ගරානාව කරගෙන යන ප්‍රොජෙක්ට් එකක් තමයි මේක.

20160830Sara-1මේ මියුසික් වීඩියෝ රැලේලේ අලුත්ම එකේ රඟපානවනේ බෙල්ලන්විල පැත්තේ අසපුවක ඉන්න රහත්වෙලා කියලා පම්පෝරි ගහන චීවරධාරියෙක්.

අනේ අම්මෝ ඔන්නේ මේ සැරේ තමයි ජාඩියට මූඩියට සෙට්වෙලා තියෙන්නේ. මරු ඩබල. ඔය චීවරධාරියාට අඩුවෙලා තිබුණෙ මේ වගේ රඟපෑම විතරයි. අනිත් හැම රඟපෑමක්ම හොඳට දන්නවා කියලා තමයි අපිට නම් පසුගිය දවස්වල මෙයාගෙ වැඩ දක්කම හිතුණේ.

මේව ගැන බුද්ධ ශාසනය ගැන හිතන නායක හාමුරුදුවරුන්ට එහෙම පේන්නේ නැද්ද දන්නේ නෑ.

මේ යන විදියට ඕනෑම ගිහියෙකුට සිවුරක් දාගෙන හෙට අනිද්දට ඕන පිස්සුවක් කෙළින්න පුළුවන්නේ. බුද්ධ ශාසනයටත් දෙයියන්ගේ පිහිටයි මේ යන විදියට.

මේ ගායකයෝ කියලා කියාගෙන පිස්සු කෙළින සකලබුජංලා ගැන කලාව ගැන හැඟීමක් තියෙන කලා ක්ෂේත්‍ර‘යේ වැඩිහිටියන්වත් කිසි සද්දයක් නෑනේ. කවුරුත් කට පියාගෙන ඉන්නේ, 'ඕන මඟුලක් වුණාදෙන්' කියලා වගේ. මේ විදිහට ගියොත් අපේ රටේ කලාවයි ආගමයි දෙකම කොහෙන් නතර වෙයිද කියන්න දන්නේ නෑ.

ආගම දහමට නැඹුරුවෙලා ඒක නිවැරදිව රටට දෙන්න ඕන අය ඒක නොකර  වෙන වෙන පිස්සු කෙළිනවානම් ගිහියෙකු නිවැරදි මාර්ගයේ යන්නේ කොහොමද? අපේ රටේ ඇතැම් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැසිරෙන ආකාරය නිසා හෑල්ලුවෙන්නේ බුදු දහම. භික්ෂූන් වහන්සේලාට අයිති රාජකාරි වගේම, නොකළ යුතු කාරණා ගැනත් සඳහන් වෙනවා. අප අද දන්න ගොඩක් භික්ෂූන් වහන්සේලා කරන්නේ තමන්ගේ සීමාවට අයිති නැති නොකළ යුතුයි කියලා සඳහන් වන දේවල්.

එක වතාවක් මේ රට බුද්ධ රාජ්‍යයක් කරන්න කියලා සාදුලා සෙට් එකක් පාර්ලිමේන්තුවට වැඩියා. අන්තිමට ඒ එක සාදු කෙනෙකුට තමන්ගේ වෘෂණ කෝෂවත් බේරගන්න බැරිවුණා. ගිහි මන්ත්‍රීවරුන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය වැඩිවෙලා මේ එක සාදු කෙනෙකුගේ රහස්තැන් පවා මිරිකුවා. මේ තරම් තැනකට වැටෙන එක බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ගැළපෙනවාද කියලා ඒ අයම හිතුව නම් හරි.

මේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාදු කෙනෙක් එක සැරයක් කිව්වා අරලියගහ මන්දිරේ මත්පැන් ටිකක් බිව්වත් කමක් නෑ කියලා. ඔය කතාව කිව්වේ මතට තිත කියපු පසුගිය ආණ්ඩුව කාලේ.

අපි රටක් විදියට ආපස්සට යන්නේ මේ වගේ කුජීත වැඩ නිසා. ඒත් පසුගිය දවසක ආරංචිවුණා අධ්‍යාත්මික නැඹුරුව අතින් අපේ රට අංක එකට ඇවිල්ලා කියලා මොකක් දෝ කතාවක්. මේ සමීක්ෂණය කවුරු  කරනවද මන්ද. ඒ පැත්තෙන් අංක එකට එන ලංකාව අන්තර්ජාලයේ සෙක්ස් හොයලත් අංක එකට එන එක තමයි සංතෝසයට කාරණෙ. පුදුම ලෙඩ්ඩු ටිකක් තමයි මේ රටේ ඉන්නේ. මේ ලෙඩ්ඩු දිහා බැලුවම තමයි අර දීපාල් සිල්වට ආපු ප්‍රශ්නෙ අපිටත් ඇතිවෙන්නේ. දීපාල් ඇහුවේ 'රටක්ද රෝහලක් ද' කියලා. ඇත්තටම මේක රෝහලක් තමයි. නිකං රෝහලක් නෙවෙයි මානසික රෝහලක්.

ප්‍රියන්ත කොඩිප්පිලි