කැළණි සරසවි විද්‍යාර්ථින්ගේ නිර්මාණයක් වන මල්වර වරම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

කැළණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිබිම්බ මුලික කලා සාමාන්‍යවේදී (2010) විද්‍යාර්ථින් පිරිසකගේ නිර්මාණයක් වන මල්වර වරම

කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරන අවධියේ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන විෂයට අදාලව අවසන් වසරේ පරීක්ෂණය වෙනුවෙන් තමයි "මල්වර වරම" වාර්තාමය කෙටි චිත්‍රපටය නිර්මාණය වුණේ. දියණියක් වැඩිවිය පැමිනීමෙන් අනතුරුව ලංකාවේ විවිධ පළාත්වල කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර සම්පිණ්ඩණය කරලා මෙම නිර්මාණය සිදුකළේ. කණ්ඩායමක් විදියට අපි හැමෝගෙම දක්ෂතා සහ කැපවීමේ ප්‍රතිපලය අදටත් ලොකු සාර්ථකත්වයක් තියෙනවා කියන එක ආඩම්බරයි. නිර්මාණයේ මුල සිට ම අධීක්ෂණය කරමින් ගුරු හරු කම් දුන් කථිකාචාර්ය සුජානි විජේසුන්දර මෙනවිය මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක, ජ්‍යෙෂ්ඨ කථිකාරචාර්ය චන්ද්‍රසිරි බෝගමුව, ජ්‍යෙෂ්ඨ කථිකාරචාර්ය උදිත ගුණසේකර, කථිකාචාර්ය උපුල් රණේපුර ඇතුළුව ප්‍රතිබිම්බ මූලික කලා අධ්‍යයන අංශයේ සියලුම ආචාර්යභවතුන්ට ස්තුති වන්ත වෙනවා.

 

අධ්‍යක්ෂණය - අරලියා ගිම්හානි

කැමරාකරණය - ඉමල්කා නන්දසේන

පිටපත - රමණි කුමාරි

සංස්කරණය - චතුරංග කුමාර

රංගනය -මදාරා අබේකෝන්

ආලෝකකරණය - නිශාන්ත අමරකෝන /සුරංග ප්‍රසාද්

ඉසව් සම්බන්ධීකරණය - නිශාන්ති කෝණාර / නිලූකා ප්‍රියදර්ශනි

කලා අධ්‍යක්ෂණය - දිනිති හසාරා /හිරන්ති සුදේශිකා

සහය කැමරා කරණය - ධනුෂ්ක නිර්මාල්

අධීක්ෂණය - කථිකාචාර්ය සුජානි විජේසුන්දර