W15 හන්තාන එස්ටේට් සඳහා කීර්තිමත් සම්මානයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී බුටික් හෝටලයක් වන W15 හන්තාන එස්ටේට්, සුප්‍රසිද්ධ Conde Nast Johansens (කොන්ඩේ නාස්ට් ජොහැන්සෙන්ස්) පවුලට සාදරයෙන් පිළිගනිමින් 2021 වසර සඳහා ‘හොඳම නවීන හෝ අලුත්වැඩියා කරන ලද හෝටලය’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Conde Nast Johansens ස්වාධීන සුඛෝපභෝගී හෝටල් එකතුවකින් සමන්විත වන අතර, ඔවුන් ලබාදුන් මෙම ගෞරවනීය සම්මානය නැවත වරක් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සඳහා වූ W15 හන්තාන ස්ටේට් හි කැපවීමයි.

ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන බුටික් හෝටල් එකතුවට නව එකතුවක් වුවද, ශ්‍රී ලංකාවෙන් මෙම කාණ්ඩයට නම් කරන ලද එකම හෝටලය W15 හන්තාන වන අතර, තරගකාරී මාලදිවයිනේ හෝටලයක් අබිබවමින් ජයග්‍රාහකයා බවට පත්වීමට හැකියාව ලැබී ඇත. මෙම කාණ්ඩය ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව ඕෂනියා කලාපයේ සහ ඉන්දියන් සාගරයේ සියලුම හෝටල් ආවරණය කරයි.

W15 හන්තාන යනු අලුතෙන් අලුත්වැඩියා කරන ලද සුඛෝපභෝගී වතු බංගලාවක් වන අතර, එය මහනුවරට ආසන්නව පිහිටි හන්තාන කඳුපාමුල පිහිටා ඇත. මෙම අලංකාර බංගලාව මගින් යටත්විජිත සමයේ ගෘහනිර්මාණ ශීල්පීය ආකර්ෂණීයත්වය පිළිබිඹු වෙයි.

W15 හන්තාන යනු W15 ශ්‍රී ලංකා හෝටල් සමූහයට අයත් හෝටලයකි. මෙම සමූහයට අයත් W15 වැලිගම සහ W15 එස්කේප් අහංගම යන හෝටල් ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ පිහිටා ඇති අතර, W15 තවත් හෝටලයක් W15 කොළඹ ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වේ.

W15 පිළිබඳව වැඩිවිස්තර හෝ එහි වෙන් කරවා ගැනීම් සඳහා  www.w15kandy.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

20201105Travel (1)20201105Travel (2) 20201105Travel (3) 20201105Travel (4) 20201105Travel (5) 20201105Travel (6) 20201105Travel (7) 20201105Travel (8) 20201105Travel (9) 20201105Travel (10) 20201105Travel (11) 20201105Travel (12) 20201105Travel (13) 20201105Travel (14) 20201105Travel (15) 20201105Travel (16) 20201105Travel (17) 20201105Travel (18) 20201105Travel (19) 20201105Travel (20)