අප්පට සිරි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල ෆිල්ම්හෝල්වලට ඇවිත් තියෙන චිත්‍රපටයක් තමයි ලාල් ප්‍රියදේව කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා හදපු ‘අප්පට සිරි’ කියන එක.

20160830Sara-1

මීට මාසෙකට විතර කලින් මේ චිත්‍රපටය ගැන පෝස්ටරයක් තාප්පවල ඇලවුණා. ඒක දැකපු මම එෆ්.බී. එකට පුංචි සටහනක් දැම්මා. ඒකට සමහරු කිව්වේ චිත්‍රපටිය බලන්නෙවත් නැතුව නම දැකපු ගමන් ඒවා ගැන තීන්දු දෙන එක එච්චර හොඳ නෑ කියලා. හැබැයි කාලයක් තිස්සේ තිරගතවෙන හැම සිංහල චිත්‍රපටයක්ම බලන අපිට නම දැකපු ගමන් වුණත් වැඩේ ගැන පොඩි අයිඩියා එකක් ගන්න එක අමාරු වැඩෙක් නෙවෙයි. අනික මේ අධ්‍යක්ෂකවරයා හදපු කලින් චිත්‍රපටි ගැනත් අවබෝධයක් තිබුණු නිසා තමයි මම මේ චිත්‍රපටිය ගැන මට හිතෙන දේ කිව්වේ. ඔබලා බලපු මල්ල ලිහලා බලන්න ඕනෙ නෑ කියලා කතාවක් තිබුණත් අපි මේ චිත්‍රපටය බැලුවා. අපි කියපු කතාව ඉතිං ටක්කෙටම හරි. මේවට චිත්‍රපටි කියනවා නම් චිත්‍රපටිවලට කියන්න වෙන නමක් හොයාගන්න වෙනවා. මේ වගේ බඩකඩුත්තු හදලා තමයි අපේ සිනමාව තියෙන තැනෙනුත් පල්ලමට වට්ටන්නේ. කොමඩි ෆිල්ම් කියන්නේ අමාරු වැඩක් ඒක සීරියස්  චිත්‍රපටි හදන්නට වඩා සීරියස් වැඩක්. හැබැයි මේ වගේ චිත්‍රපටි හදන අයට නම් කොමඩි ටොයිස් වැඩ වගේ. ඒත් බලන්න ගියාම ප්‍රෙක්ෂකයො තමයි අමාරුවේ වැටෙන්නේ.

මේ චිත්‍රපටියෙ මහේන්ද්‍ර පෙරේරා වගේ දක්ෂ නළුවෙක් මොන මගුලක් කරනද කියලා හිතෙනවා බැලුවට පස්සේ. ඇත්තටම මහේන්ද්‍රලා වගේ අය රඟපෑම ගැන දැනුමක් තේරුමක් තියෙන අය හැටියට මේ වගේ තුට්ටු දෙකට වැටීම ගැන හරිම කණගාටුයි. මොකද මේ  කලාව ගැන දෙන ටොක්වල හැටියට මේ වගේ පීච්චං වෙයි කියලා හිතන්න බෑ. තමන් වෘත්තීය නළුවෙක් නිසා ඕනෙම චිත්‍රපටයක රඟපානවා කියලා මෙයාලා කියන්න පුළුවන්. හැබැයි මේ අය මෙගාවල ලඟා ගහන්න කැමති නෑ කියලා මෙගා ටෙලි නාට්‍යවලටත් නීතිය දදා ඉඳපු අය. හැබැයි හොඳ මෙගා ටෙලියක රඟපාන එක බාල බයිස්කෝප්වල වාත වෙනවට වඩා හොඳයි. දැන් වේදිකා නාට්‍යවල රඟපාන එකත් වැඩක් නෑ කියලා කියන මහේන්ද්‍ර පෙරේරලාට වැඩක් තියෙන්නේ ‘අප්පට සිරි’ වගේ කටේ තියන්න බැරි බයිස්කෝප්වල රඟපෑම නම් මෙයාලට කලාව ගැන තමයි කයිවාරු ගහන්න සදාචාරාත්මක අයිතියක් නෑ.

20171002Sara-1මහේන්ද්‍ර මීට කාලෙකට කලින් රඟපෑම උගන්වන්න මහරගම පැත්තේ ක්ලාස් එකක් කරගෙන ගියා. ඒකෙන් බිහිවෙච්ච ගෝලයේ ගොඩක් හිටියා. තරණ කොල්ලෝ, කෙල්ලෝ මේකෙන් රඟපෑම ඉගෙනගෙන හොඳ වැඩකාරයෝ වුණා. දසුන් පතිරණ වගේ කෙනෙක් හොඳ උදාහරණයක්.

ඒත් දැන් ගෝලයේ ඉන්න තැනටත් වඩා පහළට ගුරා වැටෙනවා.

ගුරාගේ ගෝලයෝ වත් රඟනොපාන ජාතියේ සවුත්තු වැඩවලට තමයි ගුරා හවුල් වෙන්නේ.

මහේන්ද්‍ර පෙරේරා දක්ෂ නළුවෙක් කියන එක අවස්ථා රාශියකින් අපට පෙන්නපු කෙනෙක්. මහේන්ද්‍ර‘ගේ රඟපෑම් ගැන සමහර වෙගාවට පුදුම හිතෙන තරම්. එහෙව් දක්ෂතාවයක් තියාගෙන මහේන්ද්‍ර තමන්ගේ තරම නොදැනීම ගැන ඇත්තටම දුකයි.

මහේන්ද්‍රෙග් දක්ෂතාවය ඉහළ මිලක් අයකරන්න පුළුවන්. එහෙව් එකේ මේ වගේ තර්ඩ්ක්ලාස් වැඩ ගොඩක ඉඳලා නම සවුත්තු කරගන්නවාට වඩා තමන්ගේ තත්ත්වයට ගැලපෙන සීමිත වැඩ ප්‍රමාණයක ඉඳලා හදාගත්තු නමේ ගෞරවය රකින එක වැඩිය හොඳ නැද්ද කියලා මිනිහම හිතුවොත් හොඳයි. ඒත් අපි මොනව දේ කිව්වත් තීරණය මිනිහාගේ අතේ තියෙන්නේ ප්‍රේක්ෂකයෝ විදියට අපිට හිතෙන දේ තමයි මේ කිව්වේ.

ප්‍රියන්ත කොඩිප්පිලි

 

 

20160830Sara-1