තුට්ටු දෙකේ Director



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-11-ent-155අද බොහෝ නවක නළු නිළියන්ට තියෙන චෝදනාවක් තමයි වෘත්තීය ගරුත්වය නොසලකා හරිනඑක. දර්ශන තලවලට වෙලාවට නොඑන එක ෂූටිං අතරතුර ජංගම දුරකතනය අධික ලෙස භාවිතා කිරීම පොලු තැබීම වැනි දේවල් නිසයි එවැනි චෝදනා එල්ල වෙන්නෙ.

එහෙත් ප්‍රවීණයැයි කියාගන්නා නිර්මාණවේදීනුත් ඒ තත්ත්වයට වැටෙනවා අපි දැක තිබෙනවා. අසා තිබෙනවා. අලුත් චිත්‍රපටයක් සඳහා දින ලබාදුන් නළුවෙක් නියමිත ෂූටිං දිනයේදී පාන්දර 5හේ ඉඳන් තම නිවසේ ඇඳුම් පැළඳුම් ලෑස්ති කරගෙන හිටියලු. උදේ 10 පහුවෙලත් ආපු වාහනයක් නැහැල්ලු. 11ට ඔහු අධ්‍යක්ෂකට කෝල්එකක් ගත්තාලු.

“කියපු විදිහට මම පාන්දර පහේ ඉඳන් බලන් ඉන්නවා... තාම වාහනේ ආවෙ නැහැනේ...”

“අනේ සොරි පොඩි පොඩි ගැටලු වගයක් ආවා. ඔයාගෙ ගණන් හිලව්වලත් ගැටලුවක් ආවා ඔයාට කියන්න බැරි වුණා.” අධ්‍යක්ෂක ගොත ගහමින් කිව්වලු.

“මහ ලොකුවට චිත්‍රපට අච්චර කළා, ටෙලිනාට්‍ය මෙච්චර කළා කිව්වට ඕගොල්ලොත් මේ ක්ෂේත්‍රයේ හැසිරෙන්නේ මොන්ටිසෝරි බබාලා වගේනේ.” නළුවා හොඳ දෙකක් කියලා ෆෝන් එක තිබ්බලු.

 

DESHAYA