ගමකට අසිරිය ගෙන ආචන්ද්‍රිකා වැවෙහි ගත කළ මොහොතක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිරු රශ්මියෙන් දැඩි ලෙස පීඩා විඳින ඇඹිලිපිටියනගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට සිසිලක් ගෙනඑන්නේ චන්ද්‍රිකා වැවය. ඇඹිලිපිටිය ජනතාවගේ ජලඅවශ්‍යතාවයට, කෘෂිකර්මාන්තයට, ජීවනෝපායන්ටසහ විනෝදය සඳහා චන්ද්‍රිකා වැවෙන් ලබාදෙනදායකත්වය අතිමහත්ය. සුන්දර වූ චන්ද්‍රිකා වැවේමිරිදිය මත්ස්‍ය කර්මාන්තය සිදුවන නවනගරයේ පිහිටිතොටුපළ වෙත අද අපි ඔබව සමීප කරන්නෙමු.

වර්ෂ 1956දී පිහිට වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකමහතාගේ රජය මගින් ආරම්භ කළ පළමුවන වාරිමාර්ග ව්‍යාපෘතියවන්නේ චන්ද්‍රිකා වැවයි. 1957දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉඩම්හා ඉඩම් සංවර්ධන (වාරිමාර්ග විෂය ඇතුළත්ව) නියෝජ්‍යඅමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩී.ඒ. රාජපක්ෂ මහතා චන්ද්‍රිකාවැව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. මෙම චන්ද්‍රිකාවැවේ පූර්ණ ධාරිතාව අක්කර අඩි විසිදෙදහස් හාරසියයකි. මෙමවැවෙන් වර්ග කිලෝමීටර් 165ක පමණ ප්‍රදේශයක් පෝෂණයවේ. චන්ද්‍රිකා වැවේ වේල්ලෙහි දිග කිලෝමීටර් 2.5ක් වන අතර, එහි උස මීටර් 19.20කි. චන්ද්‍රිකා වැවේ කටයුතු 1958දී ආරම්භවුණු අතර, වලවේ ගඟෙහි දකුණු ඉවරේ අතු ගංගාවක් වනහුලංදා ඔය, හල්මිල්ලකැටිය නම් ප්‍රදේශයේදී හරස්කර වේල්ලක්බැඳීමෙන් මෙම වැව නිර්මාණය කර තිබේ. හුලංදා ඔය සහඋඩවලවෙන් පැමිණෙන ඇළ මාර්ග හරහා චන්ද්‍රිකා වැවට ජලයරැගෙන එයි. මේ ආකාරයට ආරම්භ කළ චන්ද්‍රිකා වැව ඇළ මාර්ගසංවර්ධනය කරමින් ගොවිජනපදයක් පිහිටුවීම හරහා වාරිමාර්ගව්‍යාපෘතියක් බවට පත්වෙයි. එමෙන්ම මේ මඟින් අක්කරපන්දහසක භූමි භාගයක් තුළ ගොවීන් එක්දහස් අටසියදෙනෙකුඑකල පදිංචි කිරීම සිදුවිය.

චන්ද්‍රිකා වැවෙහි දිය නෑමට සහ එහි ආස්වාදය විඳීමට දෙස්විදෙස් සංචාරකයන් නොමඳව පැමිණෙයි. මේ දිනවල කෝවිඩ්වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරකයන් වැඩි පිරිසක්දක්නට නොලැබුණත්, තරුණ පිරිස්වල පැමිණීමෙහි නම් අඩුවක්නොමැත. චන්ද්‍රිකා වැව නිර්මාණය කිරීමට පෙර මෙම ප්‍රදේශවලසිටි ජනයා ජලය නොමැති වීම නිසා විශාල අපහසුතාවන්ටද පත්වතිබේ. අදටත් බොහෝ ජනතාව සිය පානීය ජල අවශ්‍යතාවයසපුරා ගන්නේ ජලය මිලදී ගැනීමෙනි.

ඇඹිලිපිටිය නවනගරය ප්‍රදේශයෙන් මඳක් ඇතුළට වන්නටපිහිටි මෙම තොටුපළට සෘජුවම දිස්වනුයේ චන්ද්‍රිකා ප්‍රධාන ඉවුරුප්‍රදේශයයි. නවනගරය ගම්මානයේ සිටින ජනතාවගෙන් බොහෝපිරිසක් කෘෂිකර්මාන්තයේ නියැළෙන අතර, තවත් පිරිසකගේවෘත්තීය වන්නේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයයි. කොරලි ඇතුළුමිරිදිය මත්ස්‍යයන් ගණනාවක්ම සැරිසරන චන්ද්‍රිකා වැව ආශ්‍රිතවකොටු තුළ බෝකරන මත්ස්‍ය කර්මාන්තයද දැකගත හැක.සවස් යාමයේදී තොටුපළට පැමිණෙන මිරිදිය ධීවරයන් වැවමැදට ගොස් තමන්ගේ දැල් එළා රාත්‍රී අඳුර වැටෙන්නට පෙරපැමිණෙයි. නැවතත් හිමිදිරියේම තමන්ගේ බෝට්ටුවල නැගගොස් දැල්වලට හසුවුණු මිරිදිය මත්ස්‍යයන් තොටුපළට ගෙනඑයි. උදෑසන හතහමාර සහ නවය වන කාලය තුළ මෙම තොටුපළමහත් සේ කාර්යබහුලය. දැල් ඇද මාළු ගොඩට ගෙන එනධීවරයන් සේම, තොටුපළෙන්ම මාළු මිලදී ගැනීමට පැමිණෙනපාරිභෝගික ජනතාව සහ ව්‍යාපාරිකයන්ද මේ කාලය වන විටතොටුපළ අරක්ගෙන ඇත. ගම්වැසියන් සේම ඇඹිලිපිටියටපැමිණෙන සංචාරකයන්ද බොහෝවිට හිමිදිරියේ තොටුපළඅසලට පැමිණෙන්නේ මිරිදිය මත්ස්‍යයන් මිලට ගැනීමටය.

පසුගියකාලයේදී මුහුදේ සිදුවුණු නැව් ගිනි ගැනීම් නිසා බොහෝ පිරිසක්කරදිය මාළු ආහාරයට ගැනීමෙන් වැළකී සිටි අතර, ඒ කාලයේදීචන්ද්‍රිකා වැවේ මිරිදිය මත්ස්‍යයන්ට විශාල ඉල්ලුමක් පැවති බවමෙම තොටුපළේ සිටින ධීවරයන් අප සමග පැවසීය.එමෙන්ම කෝවිඩ් වසංගතය හේතුවෙන් සංචාරකයන් හිඟවීමත්, මාළු මිලට ගැනීමට තොටුපළට පැමිණෙන පුද්ගලයන් අඩුවීමත් නිසා මෙම මිරිදිය ධීවරයන් සිටින්නේ මහත් කනස්සල්ලෙනි.විශේෂයෙන් මේ වනවිට ඇඹිලිපිටිය නගරය තුළද කෝවිඩ්රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බැවින්, සිය ජීවිකාවටදතර්ජනයක් එල්ල වී ඇති බව ඔවුන් සඳහන් කරයි. එමෙන්මඇතැම්විට වැවෙහි දිය නෑමට පැමිණෙන පුද්ගලයන්ගෙන්දකෝවිඩ් වැළඳිය හැකි බවට ගම්වැසියන් තුළ යම් බියක් ඇති වීතිබෙන බැවින්, බොහෝ ගම්වැසියන් වැව දෙසට නොපැමිණෙනබවත්, මාළු මිලට ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බවත්තොටුපළේ මිරිදිය ධීවරයෝ පවසති. එමෙන්ම සාමාන්‍ය දිනවලනම් සවස් යාමයේදී විදෙස් සංචාරකයන් පවා තොටුපළටපැමිණෙන්නේ දැල් දමන්නට වැව මැදට යන ධීවරයන්ගේ කාර්යනැරඹීමටය. එහිදී බොහෝවිට විදෙස් සංචාරකයෝද ධීවරයන්සමග වැව මැදට යන්නට පැමිණෙන බවත්, එයින් ඔවුන් බොහෝසේ සතුටට පත්වන බවත් ධීවරයෝ පවසති.

චන්ද්‍රිකා වැවේ නවනගරය මිරිදිය තොටුපළේ ධීවරයෝ දැල්එළීමට යාමේදී සහ දැල් හැකිළීමට ඒමේදී ගී ගැයීම, කවි කීමවැනි දේ සිදුකරති. තොටුපළට වී සිටින අයෙකුට සවස් යාමයේදීසහ හිමිදිරියේ වැව මැදින් එම ගීත ඇසෙයි. පාරම්පරික මිරිදියකර්මාන්තය තවමත් මෙහි තිබෙන බැව් එයින් සිතට නැගුණුසිතිවිල්ලකි. කුකුළන්ගේ හඬට ගැමියන් අවදි වන බව පැරණිකියමනකින් පැවසුවත්, නවනගරය ගම්මානයේ තොටුපළආසන්නයේ ජීවත් වන ගම්වැසියන් දවස ආරම්භ කරන්නේධීවරයන්ගෙන් ඇසෙන මෙම සුමිහිරි ගී ගායනා සමගිනි. මෙලෙසවැව මැදදී ගී ගයන්නේ ඇයි දැයි අප ධීවරයෙකුගෙන් ඇසූවිට ඔහු සිනහවක් පා පවසා සිටියේ තනිකමට සහ ආරක්ෂාවටයනුවෙනි.

සාමාන්‍යයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ මැදිවයස ඉක්ම වූ ධීවරයන් වුවත්, මෙහිදී තරුණ ධීවරයන්දහිමිදිරියේම තොටුපළට පැමිණ තමන්ගේ බෝට්ටුව රැගෙනවෘත්තීය කටයුතු සඳහා අලසකමකින් තොරව යන බව අපටදැකගත හැකි විය.සවස් යාමයේදී තොටුපළට මඳක් ඈතින් තැනිතලාවක පිහිටිකුඩා වොලිබෝල් ක්‍රීඩා පිටියේ තරුණයෝ සෙල්ලම් කරති. ඉන්අනතුරුව වැවෙහි දිය නාමින්, ගස් උඩ නැග කරණම් ගසමින්වැවට පනින තරුණයෝ ඉන් මහත් ආස්වාදයක් මෙන්ම තම ක්‍රීඩාකෞෂල්‍යයද පෙන්වති. නමුත් අප එහි යන විට වැවේ ජලය මඳක්වැඩිව තිබෙනු දක්නට ලැබුණු අතර, ඔවුන් ඉතා ප්‍රවේසම්සහගතවඑම ක්‍රීඩාවල යෙදෙනුද දක්නට ලැබිණි. කොකුන්, දියකාවන්, මොනරුන් ඇතුළු පක්ෂීන් විසින් චන්ද්‍රිකා වැව වර්ණවත් කරනඅතරම, කබරයන් සේම කිඹුලන්ද වැවේ ගැවසෙන බව ධීවරයන්පවසන්නේ පැමිණෙන්නන්ගේ ආරක්ෂාව උදෙසාය. තොටුපළදෙපැත්තට වන්නට වූ විශාල ගස්වැල්ද වැවෙහි වතුරට යට වීතිබීම වැවෙහි සුන්දරත්වය තව තවත් වැඩි කරයි.

ඇඹිලිපිටියෙහි වෙසෙන ජනයා වැසි ජලයෙන් මුල් කාලයේදීසිය කෘෂිකාර්මික කටයුතු සිදුකළ අතර, චන්ද්‍රිකා වැව නිර්මාණයවීමෙන් අනතුරුව ඔවුන්ට විශාල ශක්තියක් වැවෙන් සපයයි. වීගොවිතැනට අමතරව කෙසෙල් වගාව, තක්කාලි, කොමඩු වැනිවගාවන්ද ඇඹිලිපිටියේ ගොවීන්ගේ ජීවිත සුරක්ෂා කරයි. එමවගාවන්වලටද අවශ්‍ය ජලය සපයන්නේ මෙම වැවෙන් වන අතර, දැඩි ලෙස වියළි කාලගුණයක් පවතින මෙම ප්‍රදේශයට සිසිලසගෙන එන්නේද චන්ද්‍රිකා වැවෙන් නැගෙන ජලය මගිනි.චන්ද්‍රිකා වැවෙහි දිය නෑමට හෝ දැක බලා ගැනීමට, එහිආස්වාදය විඳීමට යන ඔබගෙන් ධීවරයන් ඉල්ලා සිටින්නේ මෙමතොටුපළවල් විනාශ නොවී පිරිසුදුව තබාගන්නා බැවින් එයටහානිදායක දෑ සිදුනොකරන ලෙසයි. ප්ලාස්ටික්, වතුර බෝතල්වැනි දෑ ජලයට විසි කිරීම නිසා වැවෙහි මාළු ඒවා ආහාරයට ගතහැකි බැවින්, එවැනි දෑ සිදුනොකරන ලෙස එහි යන ජනතාවගෙන්අපිද ඉල්ලා සිටිමු.

සටහන සහ ඡායාරූප - කැළුම් දේවින්ද