සොබාදහමේ සහ සුවපහසුවේ තැන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ස්වභාවධර්මයේ ආශ්චර්යයන්ගෙන් ආභාසය ලබා නිර්මාණය කර ඇති Hanthana Eco Lodge පරිසර ලෝලීන්ට අගනා නිවාඩු නිකේතනයකි. ඝන වන රක්ෂිතවලින් වට වී, මනරම් කුඩා දියඇල්ලක් අසලින් පිහිටි මෙම නවාතැන, සුන්දර සහ නිස්කලංක ලොවකට ඔබව සාදරයෙන් පිළිගනියි.

Hanthana Eco Lodge ස්වාභාදහමේ හා සුඛෝපබෝගිත්වයේ අංග සම්පූර්ණ සම්මිශ්‍රණයකි. එය මුහුදු මට්ටමේ සිට අඩි 2,500කට ඉහලින්, මහනුවර සිට කිලෝමීටර 8ක දුරකින් පිහිටයි.  එහි හන්තාන හා ඉන් එපිට ඇති තේජාන්විත කඳුවැටියන්හි අරුමපුදුම දසුන් පෙනෙනා සැපපහසු විලා තුනකින් සමන්විතයි. තවද ත්‍රාසජනක අත්දැකීම් ලෝලීන්ට ඉඩමේ මායිමේ ඇති කුඩා දියඇල්ල සමීපයේ පිහිටි Cabin @ Creek හා The Camp හරහා නව අත්දැකීමක් අත්විඳින්නට ලැඟුම් ගත හැක.

මෙම නවාතැනේ හුදෙකලා වූ නිස්කලංක මායාව ඔබට විශ්මජනක උඩරට කඳුවැටියන්හි දී උසස් ඝනයේ පාරිසරික-වික්‍රමයන්හි නිරත වන්නට අවස්ථාව ලබා දෙයි. වන රක්ෂිතයකින් වටව පිහිටි Hanthana Eco Lodge හන්තාන කඳුවැටියහි අනන්‍ය පාරිසරික සමතුලිතතාවය පවත්වා ගනිමින්, ඉඩමෙහි ස්වභාවික භූ දර්ශනය ආරක්ෂා කරමින් ඉදිකරන ලද්දකි. වෘක්ෂලතාදියේ විශ්මයජනක දසුනක් සපයන අතර, අපූරු වනසත්ත්වයන්ගේ පෙර නොදුටු සමීප බැල්මක් ඉන් සපයයි. මෙය ලෝක උරුමයක් වන හන්තාන කඳුවැටිය සහ වන ජීවීන් ගවේෂණය කිරීමට මෙය කදිම තේරීමකි.

නගරයේ කලබලකාරිත්වයෙන් ඉවත්ව සොබාදහමත් සමඟ සමීප වීමට පවුල, මිතුරන් හෝ ප්‍රේමනීයන් එක්ව ලැගුම් ගැනීමට මෙය කදිම ස්ථානයකි. ඔබ සුඛෝපභෝගීත්වයේ හිඳ සිටියත්, සොබාදහමේ විශිෂ්ටත්වය වින්දත්, උසස් ගණයේ ලංකාවේ තේ කෝප්පයකින් සංග්‍රහ ලද්දත්, සිත් ඇදගන්න හා බලාපොරොත්තු ඉක්මවූ වශීකෘත ලෝකයකට ඔබ ගෙන යනු ලැබේ.

මෙම කඳුකර නවාතැන අංගසම්පූර්ණ සත්කාරකත්වය සපයන, ඔබ නවාතැන් ගන්නා කාලය අමතක නොවන අත්දැකීමක් කිරීමට කැපව සිටින උසස් පුහුණුවක් ලත් කණ්ඩායමකින් සමන්විතයි. ඔබ මෙම නවතැනට පැමිණෙන මොහොතේ සිට ඔබව සාදරයෙන් පිළිගන්නේ සිනහවකින් ඔබ්බට විහිදෙන උණුසුමකිනි.

මෙහි රැඳී සිටින අමුත්තන්ට ආහාරපාන වලින් සංග්‍රහයේද අඩුවක් නොමැත. එම ප්‍රදේශයෙන් මූලාශ්‍ර කර දක්ෂ සූපවේදියෙකු විසින් සකස් කරන සැබෑ ශ්‍රී ලාංකීය රසය සහ ලොව වටා රසයන්ගෙන් සමන්විත ආහාර සමඟින් Hanthana Eco Lodge හි අද්විතීය සූපශාස්ත්‍ර අත්දැකීම ලැඟුම්ගන්නන්ගේ පැසසුමට හා ප්‍රශංසාවට ලක් වේ.

සෑම විලාවක්ම හොඳට ඉඩකඩ ඇති  වායු සමීකරණය, hot water showers, minibar, රූපවාහිනී, සහ ගිමන් හැරීමට හා පරිසරය විදීමට පෞද්ගලික සඳලු තලයක් වැනි පහසුකම් සහිත වේ. මෙහි නවාතැන් ගෙන සිටින්නන්ට උදෑසන කුරුල්ලන්ගේ කීචිබීචි නාදයට අවදිව සඳලුතලයට පැමිණ සුළගේ ප්‍රාණවත් ගුමුවෙන් මෙම නවාතැනින් ලබා දෙන නව ත්‍රාසජනක අත්දැකීම්වලට සුදානම් විය හැක.

Hanthana Eco Lodge නවීන පහසුකම් සහිතව සොබාදහමේ සහ සුවපහසුවේ පරිපූර්ණ සම්මිශ්‍රණයකි. සොබාදහම මිශ්‍ර වූ විලා ඔබව විවේකයෙන් සහ මනසේ සාමයෙන් ඔබට වින්දනය ලබා දෙයි. විස්මිත කඳුකර කඳුකරයේ උසස් ආකාරයේ හරිත ත්‍රාසජනක අත්දැකිමක් ලබන්නට ඔබට කදිම වේදිකාවක් සපයයි.

වැඩි විස්තර සඳහා 0776 550 911 / 0777 750 911 අමතන්න හෝ www.facebook.com/HanthanaEcoLodge/ හෝ www.hanthanaecolodge.com/ වෙත පිවිසෙන්න.