සෙල්ලම් බඩුවක් නිසා ආලියාට ගැටලුවක්


සුරූපී බොලිවුඩ් නිළි ආලියා බාත් හට පසුගිය අප්‍රේල් මාස 02 වැනි දින Covid - 19 වයිරසය Positive වූ බව වාර්තා වුණා. ඒ පිළිබඳව ඇය සිය සමාජ මාධ්‍ය ජාලා තුළ පවා සඳහන් කොට තිබුණා. එමෙන්ම ඉතාම මෑත දිනකදී ඇය තම Instagram ගිණුමේ හරි අපූරු පින්තූරයක් පළ කොට තිබුණා.

එනම් ඇය නිරෝධායනය වන අතරතුර දී හුරුබුහුටි සෙල්ලම් බඩුවක් තුරුලු කර  ගනිමින් ලබාගත් ඡායාරූපයක් වන අතර මෙම ඡායාරූපයේ තවත් සුවිශේෂත්වයක් පවතිනවා. එනම් මෙම ඡායාරූපයේ දක්නට ලැබෙන ටෙඩිබෙයාර් පසුගිය වසරෙහි නිර්මාණය වූ රන්බීර් කපූර් රංගනයෙන් දායක වුණු කෙටි චිත්‍රපටයකදී රන්බීර්ගේ ඇඳෙහි තිබෙනු දැකගත හැකියි.

මෙම සෙල්ලම් බඩුව රන්බීර් - ආලියා යුවළගේ ප්‍රියතම සෙල්ලම් බඩුවද? එහෙමත් නැති නම් මෙය රන්බීර් විසින් ආලියාට තිළිණ කළ එකක්ද යන ගැටලුව මෙම ඡායාරූපය දුටු එම දෙපළගේ ප්‍රේක්ෂකයන් බොහෝ දෙනකුට ඇති වී තිබිණි.

20210420Alia-11