ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි

දකුණු ඉන්දියාවේ කීර්තිමත් සංගීත අධ්‍යක්ෂවරයෙක් වන ඉලෙයි රාජා ත් ලාංකික සිනමාවට එකතු වුණා. ඒ යාපනය ප්‍රදේශයේ රූගත කිරීම් සිදුකළ අන්තෝනි චිත්‍රපටය වෙනුවෙන් සංගීතය අධ්‍යක්ෂණය කරමින්.සුකර්තන් ක්‍රිස්තු රාජා සහ ජෙනෝස්
රාජේස්වර් අධ්‍යක්ෂණය කළ Osai Films වෙනුවෙන් කාලයිවල්ලාරි
සගාරාමන්තාස් නිෂ්පාදනය කළ අන්තෝනි චිත්‍රපටයේ රූගත කිරීම් සියල්ල සිදු කළේ යාපනය ප්‍රදේශයේ.
දමිළ සිංහල සහ මලයාලම් යන භාෂා ත්‍රිත්වයෙන්ම ලෝකයේ රටවල් පහළොවක් පුරා ප්‍රදර්ශනය කිරීමට මුදාහැරුණු අන්තෝනි චිත්‍රපටයේ එකම එක සිංහල නිළියක් හැරුණු විට අනිත් සියලුම නළු නිළියන් දමිළ සම්භවයක් සහිත නළු නිළියන් වීම විශේෂත්වයක්.
ආදරය ගැන හිත හිරිවට්ටන ප්‍රස්තුතයක් කේන්ද්‍ර කරගත් අන්තෝනි චිත්‍රපටයේ රඟපාන්නේ දකුණු ඉන්දීය රංගන ශිල්පීන් වන කයිල් සහ ටී.ජේ .භානු . කයිල් කියන්නේ ඉන්දියානු දමිළ චිත්‍රපට දොළහකට වැඩි සංඛ්‍යාවක ප්‍රධාන චරිතය රඟපෑ අළුවෙක්.භානු කියන්නේ මෝස්තර නිරූපණ ශිල්පිනියක් වගේම චිත්‍රපට නිෂ්පාදකවරියක්.
ඇත්තටම හරිම භාවාත්මක දැනෙන රංගනයක ඒ දෙන්නා අන්තෝනි චිත්‍රපටයේ රංගනයත් එක්ක එකතු වෙනවා.
ලාංකික දමිළ චිත්‍රපට අඩුවෙන්ම නිෂ්පාදනය වන පසුබිමක ඇත්තටම අන්තෝනි කියන්නේ ලාංකික සිනමාවට ලස්සන තෑග්ගක්.
One Galleface -PVR හීදී පැවැත්වුණු අන්තෝනි මංගල දර්ශනයට සාරවිට අපටත් ආරාධනා ලැබුණා.
මේ එහි මංගල දර්ශනය වර්ණවත් කළ සේයා රූ කිහිපයක් පමණයි.























