එකම පවුලේ පරම්පරා තුනක් රඟපෑ ලංකාවේ පළමු චිත්‍රපටය ගැන කුෂේන්‍යා කතා කරයි
කුෂේන්‍යා ........ඒ නම මේ දවස්වල ආදරණීයම නමක්
කලාව උරුමයක් සේ දෙවුර දරා ගත් පවුලක පරම්පරා තුනක් නියෝජනය කළ නිළියන් තුන්දෙනෙක් එකම චිත්‍රපටයක රඟපානවා....ඒ චිත්‍රපටයේ ආච්චි ඇගේ ඇත්ත ජීවිතයේ ලොකු ආච්චි...ඒ ඇත්ත ජීවිතයේ ලොකු ආච්චි ලාංකික සිනමාවේ සදාදරණීය හුස්මක්.....ඇය වාසනාවන්ත වෙනවා දහස් ගණනක් නිළියන් අතරින් නිළි රැජන යන අභිෂේකය ලබන්නට....ඒ නිළි රැජන මාලිනී ෆොන්සේකා......ඒ පරපුරේ ඊළඟ උරුමය සමනලී ෆොන්සේකා....ඊටත් පසු උරුමය කුෂේන්‍යා ෆොන්සේකා.......තමන්ගේ ලොකු ආච්චිත් තමන්ගෙන් නැන්දනියත් එක්ක මිනිසුන්ගේ හද ගැස්මට යා වෙච්ච චරිතයකට ප්‍රාණය දුන් ඒ නිළිය ගැන රටක් කතා කරද්දි අපි කතා නොකර කොහොමද ?
කල්පන ආරියවංශ සහ වින්දන ආර්යවංශ අධ්‍යක්ෂණය කළ මලකි දුවේ නුඹ සමඟින් රටක ආදරය දිනා ගත් ඒ ලස්සන මල කුෂේන්‍යා සිනමාවට එන්නේ දැකලා පුරුදු කෙනෙක් සහ රූකඩ පැංචි චිත්‍රපට දෙකෙන්...දැකලා පුරුදු කෙනෙක් රඟපාද් දී කුෂේන්‍යා ට අවුරුදු පහක් විතර ඇති ...රූකඩ පැංචි රඟපාද්දී එයා ලොකු ළමයෙක්...මලකි දුවේ නුඹ රඟපාද්දි ඒ මල් කැකුල පිපුණු මලක්...
කුෂේන්‍යා කොහොමද රූකඩ පැංචි ප්‍රධාන චරිතයකට ඇරයුම් ලැබුණේ?
මගේ සීය කෙනෙක් වෙච්ච ආනන්ද ෆොන්සේකා කියන්නේ photographer කෙනෙක් ...මගේ සීයා ගත්ත මගේ ෆොටෝ වගයක් ශානි නැන්දා (සමනලී ෆොන්සේකා ) fb දාලා. ඒක දැකලා තමයි වින්දන අංකල් සහ කල්පන අංකල් මට රූකඩ පැංචි චිත්‍රපටයේ රඟපාන්න කතා කළේ...මට හිතෙන්නෙ මම වාසනාවන්ත වුණා ජැක්සන් අංකල් (ජැක්සන් ඇන්තනී ) එක්ක රඟපාන්න. ඒකේ පුංචි චරිතයකට මගේ ලොකු ආච්චිත් හිටියා.දැන් තමයි මට තේරෙන්නේ පුංචිම චරිතයකින් හරි ලොකු ආච්චිත් එක්ක රඟපෑව එක කොච්චර වාසනාවක්ද කියලා.
එකම පවුලේ පරම්පරා තුනක නිළියන් මේ විදිහට චිත්‍රපටයකින් හමුවන පළවෙනි චිත්‍රපටය තමයි මලකි දුවේ නුඹ චිත්‍රපටය..කොහොමද කුෂේන්‍යා දැනෙන හැඟීම ?
ඒ පිටපතට මම ඇත්තටම ආසා වුණා..පිටපතක් තෝරගන්න මම ඇත්තටම උදව් ඉල්ලන්නේ අම්මගෙන් තාත්තගෙන් සහ ශානි නැන්දගෙන්..ලොකු ආච්චි එක්ක රඟපාලා මම රඟපෑම ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. අමාරුම වුණේ නැන්දත් එක්ක රඟපාන්න.නැන්දා රඟපෑවෙ මගේ අම්මට.නැන්දා එක්ක තිබුණෙම රණ්ඩු වෙන සිද්ධි රඟපාන්න
එහෙම රඟපාද්දි අභියෝගයක්ම විදියට දැනුණු තැන් තියෙනවද?
ඔව් පාලම උඩ රණ්ඩු වෙන දර්ශනය තමයි අභියෝගයක්ම වුණේ
එතකොට ඔබ ආසම දර්ශනය?
ආසම දර්ශනයත් පාලම උඩ රණ්ඩු වෙන දර්ශනය තමයි
කුෂේන්‍යා ඔයාගේ ලොකු ආච්චි හුස්මක් ගන්න අපි අතර නෑ.. මලකි දුවේ නුඹ බලද්දි අපට ඇය සිහිපත් වෙනවා වගේ දහස් වාරයක් ඔබට ඇය සිහිපත් වෙනවා ඇති කියලා හිතෙනවා
රිහසල් කරද්දිත් අසනීප වෙලා ලොකු ආච්චිට එන්න බැරි වුණා .මමයි නැන්දයි තමයි රිහසල් කරේ.ලොකු ආච්ච් ආසාවෙන් හිටියේ චිත්‍රපටය බලන්න .ඒත් ලොකු ආච්චිට ඒක බලන්න බැරි වුණා. ඒ ගැන ලොකු කනගාටුවක් දුකක් හිතේ තියෙනවා.
ආදරය ගැන මොකද හිතන්නෙ කුෂේන්‍යා ?
ආදරය කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක්. මට හිතෙන්නෙ අපි කාටවත් ආදරේ නැතුව ජීවත් වෙන්න බෑ...
ඔයා ආදරේ ඇතුළේ හොයන්නෙ මොනවද ?
අවංක බව සහ ගෞරවය .ඒ හැඟීම් දෙක තියෙන තැන ආදරය කොහොමත් තියෙනවා
රඟපාන්න ආසා නළුවෙක් ඉන්නවද ?
සජිත ඇන්තනී එක්ක රඟපාන්න ආසයි
ජීවිතයේ ආසා දේවල් මොනවද?
ෆිල්ම් බලන්න තමයි හුඟක් ආසා. මම ආසා හොලිවුඩ් ෆිල්ම්වලට නෙමෙයි බොලිවුඩ් ෆිල්ම්වලට. හින්දී සින්දු අහන්නත් හරි ආසයි.පොත් කියවන්න නම් ආස නෑ
ආසම නළුවෙක් නිළියක් ඉන්නවද?
ඔව් ආසම නළුවා ශාරුක් ඛාන් .ආසම නිළිය ආලියා බාත්. හැබැයි මගේ ජීවිතේ Role model වෙන්නේ සමනලී ෆොන්සේකා සහ මගේ අම්මා.ඒ දෙන්නම හරි ශක්තිමත්.කවුරු මොනවා කිව්වත් වට්ටන්න බැරි දෙන්නෙක්.
දිගටම නිළියක් විදිහට කුෂේන්‍යා අපිට මුණගැහෙයිද?
නැහැ. වෘත්තිය නිළියක් වෙන්න මම ආසා නැහැ. දිගටම රඟපාන්න එහෙම බලාපොරොත්තුවකුත් නෑ.තෝරාගත්ත හොඳ නිර්මාණ වලින් හමුවේවි.මගේ බලාපොරොත්තුව හොඳින් ඉගෙනගෙන අධ්‍යාපනය අතින් ඉදිරියට යන්න


