කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
උපන්දිනය වෙනුවෙන් කේක් කිලෝ 1000ක් හදපු ,Artist ලා 400ක් එක්ක සුපිරියටම එයාගෙ උපන්දිනය සමරපු A Taste Of Heaven කේක් අධිපති විජිත කුමාරගෙ උපන්දින සාදයේ අසිරිමත් රස ලස්සන කේක් photo අපේ Event Catagory එකෙන්ම අපි ඔයාලට බලන්න දුන්නනෙ.

ඉතින් ආව හැමෝටම ඇති වෙනකම් කේක් කන්නත් දීලා අරගෙන යන්නත් දුන්න වීජී ගේ උපන්දින සාදයේ කේක් කිලෝ 1000ට කරපිංචා කේක් ,කැරට් කේක්, ලෙමන් කේක්,පැෂන් කේක්,පීනට්ස් කේක්,පොල් පැණි කේක් වර්ග හුඟාක් ඇතුළත් වුණා.
කලා ක්ෂේත්‍රයේ හුඟාක් නළු නිළියන්ගෙ මංගල කේක් ගෙඩිය වගේම කලා ක්ෂේත්‍රයේ බොහෝ සැමරුම් අවස්ථාවන්හි කේක් එක නිර්මාණය වෙන්නෙත් විජිත කුමාරගෙ අතින්.
ඇත්තටම A Taste of Heaven කියන්නෙම අමුතුම දිව්‍යමය රසයක් සුවඳක් තියෙන කේක් .
ඉතින් විජිත කුමාර මේ සැමරුවේ එයා Artist ලා ත් එක්ක සමරපු එයාගෙ තුන්වැනි Birthday party එක.
විජීගෙ අම්මා අක්කා වගේම එයාගෙ A Taste of Heaven Staff එකම එයාට එයාගෙ උපන්දින සාදය වෙනුවෙන් කේක් නිර්මාණය කරන්න ලොකු සහයෝගයක් දීලා තිබුණා.
උපන්දිනයට ඉස්සරින් දවසෙ පාන්දර 3.00 ඉඳන් තමයි විජී ඇතුළු කට්ටිය කේක් හදන්න පටන් ගෙන තිබුණේ.
ඇත්තටම විජී කියන්නෙ අතිදක්ෂ නිර්මාණශීලී ව්‍යාපාරිකයෙක් විතරක්ම නෙවෙයි ....
ටෙලිනාට්‍ය සහ සිනමා නළුවෙක් ....
ස්ව උත්සාහයෙන් ගොඩනගා ගත් තමන්ගෙ ව්‍යාපරයට වගේම නළු කමටත් එක වගේම ආදරය කරන හරිම ආදරණීයම චරිතයක් ....
ඉතින් විජී හැමදේටම හදවතින්ම සාරවිට අපේ සුබ පැතුම්
























