ඇල්ල..ඇඩිෂන්...ලිප්ටන් සීට් පෙනෙන-නොපෙනෙන දුරින් රජ වූ.. ANILAD - BANDARAWELA
එන්නේ කොහේ සිට දැයි නොදන්න , යන්නේ කොහේ සිට දැයි නොදන්න ඒ සුළඟ සුවදායකය. ඈතින් ඈතට නෙත දිලෙන්නේ නිල්වන් කඳු මුදුන් මත විසුල නීල වර්ණයයි. ඉඳින් දැහැනකි ඔබ මට ........ යැයි හැඟෙන නිම්නයක මම තනිවෙම්.
ANILAD -BANDARAWELA
සාම්ප්‍රදායිකත්වයට නවීනත්වය යහමින් මුහු කළ Modern Antique මාදිලියේ ඒ හෝටලය හුදෙකලාවක රස සේම යාළු මිත්‍ර සමාගම් රසවින්දනයට කැමති කාටත් එක සේම රස කැන්දන නවාතැනකි.
අනිලාඩි පිහිටා තිබෙන්නේ කඳු මුදුනක ඉස්මත්තට වන්නට බව හැඟෙන්නේ බණ්ඩාරවෙල නගරයම ඒ කඳු මුදුනේ සිට බලද්දී විචිත්‍රවත්වම පෙනෙන නිසාය.ඇඩිෂන් බංගලාවට විනාඩි කිහිපයක නුදුරින්ද ඇල්ලට විනාඩි විස්සක දුරින්ද ලිප්ටන් සීට් view point එකට ඇස ගැටෙන මානයෙන්යැයි හැඟෙන තරමට නුදුරකින්ද පිහිටි අනිලාඩ් නිහඬ දැවැන්තයෙකු මෙන් බණ්ඩාරවෙලට සොඳුරු වත්කම් එක්කරමින් සිටියි.
ලංකාවේ අසිරිමත් සිරිඅසිරි විඳින්නට සපැමිණෙන්නන්ට දිව්‍යමය නවාතැනක් වූ අනිලාඩ් රස නහර පිනා යන රස මසවුළු වලින්ද එහි පැමිණෙන ඕනෑම කෙනෙකු රස ගන්වන්නට බලා හිඳී.මුළු බංගලාවම වගේම කාමර වෙන් වෙන් වශයෙන්ද වෙන් කරගෙන ඔබට අනිලාඩ් සෙවණට එන්න පුළුවන් ඉතින්........
ඉතින් ඔබත් එන්න
ඇවිත් යන්න එන්න
ආව සැණින් යන්න නෙවෙයි නිවිහැනහිල්ලෙන් නැවතිලා ඉඳලා විඳලා යන්න එන්න......
අනිලාඩ් සොඳුරු වෙහෙස පිටුපස හිඳින Asmita Hameed ,රොහාන් ගෝමස් ඇතුළු හැම කෙනෙක්ම දෙස් විදෙස් සංචාරක රස හොයන ඔබ හැමට කරන ඇරයුමයි ඒ.......
























