abc
Home
Videos
Events
Travel & Tourism
On Location
HollyBolly
Movie Trailers
Home
Videos
Events
Travel & Tourism
On Location
HollyBolly
Movie Trailers
Breaking Gossip
Life Styles
Celebrity Gossip
Movie Buzz
Trailers
Interviews
Visual stories
Home
Inspiration
නුවරඑළියට හිම
නුවරඑළියට හිම
15-01-2012
Views 5072
මේ නුවරඑළියේ ජනතාවට දැඩිලෙස බලපාන ශීත කාලයකි. පොදුවේ ගත්කළ ශ්‍රී ලංකාව පුරාම යම් තරමක ශීතලක් පවතී. නුවරඑළිය සාමාන්‍ය උෂ්ණත්වය සෙ.අ 14ක් වුවද එය ඉකුත් ජනවාරි 01 වැනි දින ඉතා පහත අඩියකට ඇද වැටුණේ සෙ.අ 6-7ක තරමටය. අලූයම් කාලයේ නව අවුරුදු සමගම නුවරඑළිය අවට ප‍්‍රදේශවලට මල් තුහින (හිම) පතිත වූ අතර එය නුවරඑළිය ජනතාව අපේක්‍ෂා නොකළ දෙයකි.මීට වසර 20කට 25කට පෙරදී ජනවාරි මාසයේ සිට පෙබරවාරි මස අවසානය දක්වා දිනපතාම මෙම මල් තුහින (හිම) පතිතවීම දැක ගත හැකි වුවද දේශගුණික විපර්යාසය හේතුකොටගෙන එම තත්ත්වය වෙනස් වීමකට ලක්ව ඇත.අලූයම 4.00 සිට පෙරවරු 8.00 දක්වා වූ කාලය තුළ දී නුවරඑළියේ තෘණ පිටිවල සුදු සීනි ඇතිරූ අයුරින් සුදෝ සුදුවට (හිම) මල් තුහින පතිත වී තිබෙනු දැක ගත හැකිය. අධික ලෙස සීතල තිබූ දිනවල අලූයම් කාලයේදී ජලය ගෙන යන ”හෝස්” බටවල ඉතිරිවූ ජලය මිදීම නිසා ලොලි පොප් ආකාරයෙන් අයිස් කැට කඩා ඉවත් කරගත් අවස්ථා බොහෝය. ඒ වගේම අඟල් 1ක් පමණ ඝනකම ජල මට්ටමක කුඩා භාජනයක් රාත‍්‍රී කාලයේ පහත් බිමක තැබූ කල එය පසුදා අලූයම් කාලයේදී අයිස් බවට පත්වී තිබෙනු ඒ දවස්වල දැක ගත හැකි සුලබ දෙයකි. මෙම මල් තුහින උදෑසන හිරු රැස් පතිත වීමත් සමග දියවී යෑම සිදුවේ. මෙවර ජනවාරි මස පළමු දින සිට දින කිහිපයක් දැක ගත හැකි වූවද යළි දේශගුණික වෙනස් විමක් හේතුවෙන් ඉදිරි දිනවලදී යළි හිම (මල් තුහින) පතිතවේද යන්න සැකයකි. වසර කීපයක් තුළ නුවරඑළියේ දේශගුණික රටාව වෙනසකට ලක්වීම ඊට හේතුවයි. කෙසේ වුවත් 2007 වසරේදී මෑත කාලයේදී ඉතා දැඩිලෙස මල් තුහින පතිත වූ වසර වේ. දහවල් කාලයේ දැඩි උෂ්ණත්වයත් අලූයම් කාලයේ දැඩි ශීතලත් හේතු කොටගෙන නුවරඑළිය අවට ජනතාව මහත් වූ අපහසුතාවයකට ලක්වූ අවස්ථාද වේ. මෙයින් පාසල් දරුවන් හා රාජකාරිවල නිරත වූ අය පීඩා විඳිති. මෙයින් රාත‍්‍රී සේවා මුරවල යෙදෙන රෝහල් කාර්ය මණ්ඩලය ආරක්‍ෂක අංශ නිලධාරීන් තම රාජකාරියේදී කටුක සේවාවක් ඉටු කරති. මෙම හිම (මල් තුහින) පතිත වීම තේ, අර්තාපල් ඇතුළු ප‍්‍රධාන බෝග ගණනාවකට ඉතා අහිතකරය. ඒ නිසා ගොවීහු මහත් පාඩු විඳගත් අවස්ථාද පසුගිය කාලයේ අපි දැක ඇත්තෙමු. මෙවර කඳපොළ, මීපිලිමාන වැනි ප‍්‍රදේශවල ගොවිතැන්වලට බලපෑමක් එල්ලවූ බව දැනගන්නට ඇත. මෙම අපූරු දසුන දැක ගැනුමට ඇතැම් දේශීය සංචාරකයින් කොළඹ සිට නුවරඑළියට පැමිණි අවස්ථාද විය. මේ සොබා දහමේ ක‍්‍රියාවලියට අපට එරෙහි විය නොහැක.
ඡායාරූප හා සටහන - නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි
Trending News
1
පද්මෙ එක්ක photo ගැහුවට එයා පද්මෙ දන්නෙ නෑලු...
2
ඇත්තටම එහෙම පිරිමිත් ලෝකෙ ඉන්නවද ?
3
තිසර අය්යා එක්ක මට ඕනෑ වැඩක් මාර Comfortable
4
එකම පවුලේ පරම්පරා තුනක් රඟපෑ ලංකාවේ පළමු චිත්‍රපටය ගැන කුෂේන්යා කතා කරයි
5
පැපරාසින්ට දොර ඇරුණු Netflix ට දොර වැසුණු ඉන්දියාවේ රජ මඟුල
On Location
O.I.C ගඩාෆි හැදුන හැටි
03-04-2026
මෝඩ තරිඳු Film On Location
24-09-2025
- Sponsored Ad -
Events
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
25-03-2026
නවසීලන්තයට සුමිහිරිම අත්දැකීමත් අරගෙන ආව Gypsies සුමිහිරිපානේ
12-03-2026
Travel
ඇල්ල..ඇඩිෂන්...ලිප්ටන් සීට් පෙනෙන-නොපෙනෙන දුරින් රජ වූ.. ANILAD - BANDARAWELA
19-12-2025
එන්න යන්න අපිත් එක්ක ටොරොන්ටෝවේ ගිම්හාන සංචාරකට
27-06-2025
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
12-11-2022
- Sponsored Ad -
Press ESC to close
Home
Videos
Events
Travel & Tourism
On Location
HollyBolly
Movie Trailers