පින්බර බක් පොහොය දිනයක් වේවා! සාරවිට අපි බැති සිතින් ප්‍රාර්ථනා කරමු.
To the Moon and Back රුසියානු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාමින් ජාත්‍යන්තර සිනමාවට එක් වූ හරිනි අග්‍රාශ්‍රී කාව්‍යාංජනී කලා ක්ෂේත්‍රයට එක් වූයේ නිරූපිකාවක් වශයෙන් .
2015 මිස් ශ්‍රී ලංකා කිරුළ පැළඳි ඇය ජාතික සහ ජාත්‍යන්තර නිරූපණ තරග රැසක් නියෝජනය කළ ප්‍රවීණ වෘත්තීය නිරූපණ ශිල්පිනියක්.සන්නාම තානාපතිනියක් ලෙසද කටයුතු කරන ඇය H&M සන්නාමය මෙරටට හඳුන්වා දීමේදී එහි ප්‍රධාන නිරූපිකාවක ලෙස කටයුතු කළා.
Beverly Street ,Ramzi & co pvt ltd ,Mashup Hair Care නිල සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කළ ඇය SLT Mobitel ,Union Bank ඇතුළු වෙළෙඳ දැන්වීම් රැසකට රංගනයෙන් දායක වූ අතර KFC Sri Lanka හි පළමු දේශීය වෙළෙඳ දැන්වීම් නිරූපිකාව ඇයයි.
Miss Super Model World wide (2018)
ලොව හොඳම නිරූපිකාවන් පස් දෙනා (World Top 5) අතරට තේරී පත් වූ හරිනි එහිදී Best in National Costume ,Best in Talent , Best Cat Walk සහ Best Model යන ප්‍රධාන සම්මාන හතර ශ්‍රි ලංකාවට දිනා දීමට සමත් වුණා. ඇය Colombo Fashion Week හීද ප්‍රධාන නිරූපිකාවක් ලෙස වසර 7ක් පුරා කටයුතු කරමින් ඉන්නවා.
මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටය ඔස්සේ සිනමාවට පිවිසි ඇය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ කදිර දිව්‍යරාජ චිත්‍රපටයට ඉන්දීය නළු නිළියන් සමඟ තම රංගන දායකත්වය ලබා දුන්නා.
2025 වසරේ SIGNIS TELI CINE AWARDS උළෙලේ හොඳම නිළිය ලෙස නිර්දේශ වූ ඇය සිනමා නිළියක සහ නිරූපිකාවක ලෙස සාර්ථක ගමනක් යනවා.
