සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්

  • 20-08-2026

ඉතින් ඒ සුළඟට එන්න කියන්න......අහන් ඉන්න කෙනෙක් නැති සියක් දහසක් කතන්දර ඔබට කියන්නට ඉතින් එතකොට මටත් හැකිවේවි....

පාරුව අවන්හල යාත්‍රාවේ ඉඳන් ඈත ඈත දසුන් දෙස නෙත් විදාගෙන සුළඟෙහි සුව විඳිද්දී මට සුළඟට එහෙම කියන්නම හිතුණා....

Paaruwa Floating Restaurant  කියන්නෙම හුඟාක් අත්දැකීම් එකම රස සරාගයක ඉඳන් විඳින්න තියෙන අපූර්ව රස තෝතැන්නක් ....

දියත Park එක ළග කෙසෙල් කොළේ බස් නැවතුම කීවම කොළඹ ඉන්න ඕනෑම කෙනෙක් දන්න තැනක් ....අන්න එතන ඉඳන් දියත වැව පැත්තට පල්ලෙහා ට බහින්න තියෙන තැන තමයි පාරුව අවන්හල යාත්‍රාව තියෙන්නේ .Paaruwa  Floating Restaurant  කීවම ඇත්තටම නොදන්න කෙනෙක් නැති තරම්.
පාරුව යාත්‍රාව එක්කම තව පොඩි බෝට්ටුවක් තියෙනවා .දෙන්නෙකුට නැත්තන් හතර පස් දෙනෙක්ට වගේ දියත වැව වටේ පැය එකහමාරක් දෙකක් වගේ කාලයක් පුංචි පහේ සවාරියක් ගිහින් එන්න ඒ පුංචි බෝට්ටුවත් කියාපුම යාත්‍රාවක්

පාරුව අවන්හලෙන් උණු උණුවේ කන්න දෙයක් ඇණවුම් කරගෙන ලබාගෙන ඒ සවාරිය හිතේ හැටියට ගිහින් එන්න ඔයාලට පුළුවන්.

අපි දියත වැව වටේ පැය එක හමාරක විතර සවාරියක් ගියා.ඒ ගියේ පුංචි බෝට්ටුවේ.පුංචියි කීවට ඒක පුංචිම නෑ.ඒකෙ යද්දී වෙනම ත්‍රිල් එකක්.පාරුවේ යද්දී වෙනම ත්‍රිල් එකක්.පාරුවෙයි ඒ බෝට්ටුවෙයි දෙකේම ඔය සවාරිය අපි ගිහින් තියෙන නිසා ඒ දෙකේම රස අපි ඇති පදමට විඳලා තියෙනවා .දෙකම ත්‍රිල් කියලා තමයි කියන්න තියෙන්නේ .

පාරුව අවන්හල යාත්‍රාවට අයිතිකාරයන් දෙන්නයි.එක්කෙනෙක් තමයි මොහොමඩ් සෆීර් .සෆීර් කියන්නෙ කවුද කියලා වේදිකා නාට්‍ය කලාවට ආදරය කරන අයට නම් අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ නෑ.වේදිකා නාට්‍ය කලාවට පෙම්බැඳි ශ්‍රි ලාංකිකයන් විතරක් නෙවෙයි විදෙස් රටවල්වල ජීවත්වන විදේශිකයන් බොහෝ දෙනෙකුත් සෆීර් හොදින් හඳුනනවා.ඒ  වසර පහලොවකට ආසන්න කාලයක් තිස්සේ දහසක් අභියෝග මැද වුණත් Colombo International Theater Festival එක කරන්නෙ සෆීර් නිසා.ඒක හරි ප්‍රසංශනීය කර්තව්‍යයක් .ඒ ගැන අපි වෙනමම කතා කරමු.

ඉතින් පාරුව හා අත්වැල් බැඳගත් සෆීර්ගෙ අනික් Business partner පරිගණක ඉංජිනේරුවෙක්.එයා තමයි  රොහාන්.ඉතින් මේ මරු ඩබලත් එක්ක පාරුවේ ඉඳන් එන හැම Customer කෙනෙක්ටම හරිම සුහද සේවයක් සපයන්න සුහදශීලි තරුණයන් කිහිප දෙනෙක්ම ඉන්නවා.ඒ හැඩකාර වැඩකාර කොල්ලො තුන්දෙනා තමයි ප්‍රගීත් , කසුන් සහ ධනුෂ්.

ඔයාගේ ඕනෙම උත්සව අවස්ථාවක් වෙනුවෙන් පාරුව අවන්හල යාත්‍රාව සූදානම්.
Book launch
Birthday party
Getto gether
Anniversary party
ඇතුළු ඕනෑම හමුවක් වෙනුවෙන් පාරුව සූදානම් ....

70 කට විතර පිරිසකට පාරුවේ ඉඩ තියෙනවා ....උණුසුම් මධුපාන විතරයි ඔයාට ඕනෙනම් ඔයා අරන් එන්න ඕනේ.අනික් හැමදේම කිසිම අඩුවක් නැතුව පාරුව සන්තකයේ තියෙනවා ...මේ වසරේ අප්‍රේල් වගේ ඉඳන් තමයී සෆීර් ලා පාරුවේ අයිතිකාරයින් වුණේ.එදා ඉඳන් පාරුව මොකක් හෝ හමුවක් උත්සවයක් වෙනුවෙන් පාරුව වෙන් නොවුණු දවසක් නෑ....සේවය පිළිගැනීම අති විශිෂ්ට වුණ නිසා නෙවෙයි ද එහෙම වුණේ.....අපි කීවටත් වඩා දෙයක් ඔයාට ඉතින් පාරුව අවන්හල යාත්‍රාව ගැන අහගන්න දැනගන්න ඕනෙනම් 077 3129749 අංකයට call එකක්  ගන්න .මැසේජ් එකක් තියන්න .නැත්තන්  Voice msg  එකක් තියන්න .සෆීර් උත්තර දෙයි.

ඇත්තටම පාරුවෙ කෑම 5star  හෝටලයක කෑමවලට වඩා රසයි...හරිම උණුසුම් හරිම් නැවුම් ....Vegi ,Non vegi ඕනෙ කෙනෙක්ට හිතාගන්න බැරි තරම් අඩු මුදලට සුවඳ එද්දි කෙල බේරෙන කන්න කන්න රස වෑහෙන කෑම වර්ග හුඟාක් තියෙනවා ඇණවුම් කරන්න.
මම නම් pio vegi....ඒත් වෙන කොහේවත් නැති මටම හරියන කෑම තිබුණා රස පදමට.හුගාක් තැන්වල චිකන් හරි ෆිෂ් හරි ඩෙවල්වල උතුරන්න තියෙන්නේ ලූණු මාළුමිරිස් තක්කාලි...චිකන් මාළු හොයන්න අන්වීක්ෂ ඕනෙ...ඒ මගෙ Non vegi මිත්‍රයන් කියන කතාවක්...හැබැයි මෙතන එහෙම නෑ Bro....මාළු චිකන් අතරට විතරයිලු ලූනු කෑල්ලක් අරවා මේවා ටිකක් තියෙන්නේ .....කෑවෙ නැතුවට මාත් ඒක ඇස් දෙකෙන් දැක්කා හරිය.......

ඉතින් පාරුව  අවන්හල යාත්‍රාව කියන්නෙ සුපිරිම පොට් එකක්...පාරු පැංචත් එහෙමයි.....

කුරුල්ලන් බල බලා...
සුළං රැළි විඳ විඳ.....
නිල් අහසෙ ඇස් රදවමින් .....
බැසගෙන යන සූර්ය චමත්කාරය විඳිමින් පැය දෙකකට ආසන්න තත්ත්පර සංඛ්‍යාවක් අපි  කළ යාත්‍රාව මේ මොහොතේත් හිත පිනවාලන අත්දැකීමක් .....

ඉතින් ස්තූතියි සෆීර් රොහාන්  ඇතුළු කොල්ලො සෙට් එකටම....

ඔයත් යන්න ඉතින් ඒ සතුට ඒ වෙනස විඳගන්න .........නොවැරදීම යන්න හොඳද......